
(අංජුල මහික වීරරත්න)
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාරදීම අද (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් රුපියල් 5,300,000ක මුදලක් ද, කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 3,128,500ක මුදලක් ද, ස්පෝට්ස් ෆස්ට් ( Sports First) පදනම විසින් රුපියල් 300,000ක මුදලක් ද මෙලෙස ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.
අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත බාර දෙනු ලැබීය.
එසේම ගාසා ළමා අරමුදලට (Children of Gaza Fund) දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි විශාල මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් බාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
පිටරටවැසියා Friday, 26 April 2024 06:38 PM
දැන් ඔක්කෝටම කිරි එරෙන්නේ අනෙකුත් රටවලට. ලංකාවේ කන්න-බොන්න නැති, පාසලකට යන්න පොත්-ඇඳුම් ගන්න වත්කමක් නැති සිංහල, දෙමළ, මුස්ලිම් ළමයි කොච්චරක් නම් ඉන්නවාද...?
Prabha Friday, 26 April 2024 07:06 PM
සුදුළූණු, සීනි, වැට් බදු සල්ලි වෙන්න ඇති...
Don perea Saturday, 27 April 2024 12:49 AM
රටේ අය බඩගින්නේ? මෙහෙමත් වස්සෝ ඉන්න රටක්...!
saman Sunday, 28 April 2024 10:32 AM
හොඳ වැඩක්...!