
(නිමල කොඩිතුවක්කු)
ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් අද(06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල, මුජුබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා.
"පසුගිය දිනවල විශාල ගෑස් හිඟයක් රටේ මතු වුණා. පසුව ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ආණ්ඩුව ගෑස් මිල ඉහළ නැංගුවා. ගෑස් හිගයට පිළියම් ලබා දී ජනතාවට සහන ලබාදෙනවා වෙනුවට අද ගෑස් ටැංකි වල සංයුතිය සම්බන්ධයෙන් ගැටලූ මතුවී තිබෙනවා. ගෑස් සිලින්ඩරය ඉක්මනින් අවසන් වන බවට ජනතාව චෝදනා නගනවා. අනිත් පැත්තෙන් රටේ තැන තැන ගෑස් සිලින්ඩර පුපුරා යනවා.
ප්‍රමිතියෙන් තොර ඉවත්කල ගෑස් සිලින්ඩර යළි පුරවා ඇති බවත්, ඒවායේ සංයුතිය වෙනස් කර ඇති බවටත් අපට තොරතුරු වාර්තා වනවා. මේ ආන්දෝලනයට තුඩුදුන් ලිට්රෝ සමාගම මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රජයේ ආයතනයක්. මේ සම්බන්ධයෙන් රජය තවමත් කිසිඳු පියවරක් ගෙන නැහැ.
අපේ රටේ ජනතාවගෙන් සියයට හතළිහක් පමණ ගෑස් පරිභෝජනය කරනවා. අද මේ ගෑස් සිලින්ඩරයක් ගන්නවා කියන්නේ නිවසට බෝම්බයක් ගන්නා වගේ වැඩක් වෙලා.මේ නිසා අද ඒ ජනතාව සියලු දෙනා අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා.
ගෑස් සිලින්ඩර 472ක් පමණ මේ විට පුපුරා ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ වගේම දෛනිකව ගෑස් සිලින්ඩර දහයක් පමණ පුපුරා යන බවට මාධ්‍ය වාර්තා කරනවා. මේ ගෑස් සමාගමේ සභාපතිවරයාගෙන්වත්, අධ්‍යක්ෂ මණ්ඩලයෙන්වත් මේ සම්බන්ධයෙන් තවම කරුණු විමසල නැහැ.
ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා කළා. එහිදී ගෑස් ටැංකි වල සංයුතිය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අප ඉල්ලා සිටියා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර වෙළඳපොළෙන් ඉවත් කරන ලෙසත් අප ඉල්ලීමක් කර සිටිනවා. මේ රටේ ජනතාවගේ ආරක්ෂාවට ආණ්ඩුව බැඳී සිටිනවා. ජාතික ආරක්ෂාව සලසන බවට පම්පෝරි ගසා බලයට පත්වූ ආණ්ඩු යටතේ අද කුස්සිය උයන පිහන කටයුතු කරන්නත් ජනතාව බය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අපරාධ නීතිය අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ පොලිස්පතිගෙන් ඉල්ලා සිටිනවා" යැයි ද ඔහු එහිදී පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගි වසු පැටවු උම්බෑ කියති.. මහ හඬින් අසා සිනාසෙති.. ජනයා හඬගා දෙකොණින්...
වෙන්න ජනාධිපතිතුමා ට ම හරියන ගෝලයෝ සෙට් එක.එක දවසක බෝඩ් උස්සනවා.තව දවසක සාටක දානවා,තවත් දවසක පාට වෙනස් කරනවා.එක දවසක පාර්ලීමේන්තු වර්ජනය කරනවා.ආරක්ශිත නෑ කියලා.ඒ උනාට කැන්ටිමෙන් කනවා.අර ඊයේ හදාගත්තා වගේ විකල්ප පාර්‍ලීමේන්තුවෙන්ම කට්‍ටිය හොයාගෙන කැබිනට් එකකුත් හදලා ජනතාවට සහන දෙනවලා වෙන්න ජනපති එක්ක.
හරි එහෙනම් රහස් පොලිසියෙන් සියලුම ගැටලු නිරාකරණය කරලා දෙයි. මේ අයටද ඊළඟට රට බාරදෙන්න යන්නේ? මේ හරකුන්ට කිසිම වැඩපිළිවෙලක් නැහැ. අඩුතරමේ මෙ සම්බන්ධව මහජන උද්ඝෝෂණයක්වත් සංවිදානය කරන්න තරම් මොලයක් නැහැ...
කෙහේවත් ගෑස් ටැංකි පිපිරුවේ නැහැ. ගල්පැලෙන බොරු කියන්න එපා...