
(යොහාන් භාසුර)
නිවෙස්වලට හෝ ව්‍යාපාරික ස්ථානවලට මිලදී ගෙනගොස් ඇති ලිට්‍රෝ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් පවතින්නේ නම් අදාල ගැස් සිලින්ඩරය මිලදී ගත් ස්ථානයට හෝ අළෙවි නියෝජිතයෙක්ට නැවත භාරදි හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’ පැවසීය.
පාරිභෝගිකයන් රැගෙන එන ගැටලුසහගත ගෑස් සිලින්ඩර භාරගන්නා ලෙස සියලුම අළෙවි නියෝජිකයන්ට උපදෙස් ලබාදී ඇති බව කී එම උසස් නිලධාරියා එවැනි භාරදීමකදී පාරිභෝගිකයන්ට කිසියම් ප්‍රශ්නයක් ඇතිවුවහොත් 1311 ලිට්‍රෝ සමාගමේ හදිසි දුරකථන අංශයට දැනුම් දෙන ලෙස ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න පහසුයි... කරනකොට තමයි රඟේ දැනෙන්නේ...
එතකොට ප්‍රවාහන ගාස්තුව කවුද ගෙවන්නේ? මිස්ටර් බීන් හොඳයි...