
ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුරට ඊශ්‍රායල ගුවන් හමුදාව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාරය එල්ල කෙරුණේ ‘ජබාලියා’ සරණාගත කඳවුරටය.
පලස්තීන සෞඛ්‍ය අංශ පැවැසුවේ එම ප්‍රහාරයෙන් සරණාගත කඳවුරේ සිටි පලස්තීන වැසියන් 50 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. තවත් 150 ක් පමණ තුවාල ලැබූ බවත්, ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට පහසුකම් නොමැති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටී.
‘ජබාලියා’ සරණාගත කඳවුරට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පිළිගෙන තිබේ. ඊශ්‍රායල බුද්ධි අංශය මෙන්ම හමුදාව ද වැඩි දුරටත් නිවේදනය කළේ පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට පහර දුන් හමාස් සටන්කාමීන් නායකයකු ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරය එල්ල කළ බවය.
තම ප්‍රහාරයෙන් එම හමාස් නායකයා ජීවිතක්ෂයට පත්වුණු බව ද ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළිපිට සාමාන්‍ය මිනිස්සු මැරෙනවා නේද?