(යොහාන් භාසුර)

ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙක සාමාන්‍ය වෙළෙඳපොළ සැපයුම අද (6) පෙරවරුවේ සිට ආරම්භ කළ බව එම සමාගම් දෙක පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ නඩත්තු කටයුතු සඳහා වසා තිබූ කෙරවලපිටිය පිරවුම් මධ්‍යස්ථානය ද විවෘත කර ඊයේ පෙරවරුවේ සිට සාමාන්‍ය පරිදි සැපයුම ආරම්භ කළ බවයි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ එම සමාගම පවත්වාගෙන ගිය සැපයුම අඛණ්ඩව සපයමින් සිටින බවයි.

ගෑස් අනතුරු හේතුවෙන් අපහසුතාවට පත්වූ ජනතාවට වන්දි ගෙවීමක් පිළිබඳව මේ දක්වා සාකච්ඡා කර නොමැති බව ද අදාල සමාගම් පවසයි.