(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්‍රදේශයේ වෙළඳසැලකට යාබදව පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක්  පිපිරී ගොස් ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය පවසයි.

වෙළඳසැල අයිතිකරුගේම නිවසේ මෙම පිපිරීම සිදු ඇත. ජීවිත හානි කිසිවක් නැති අතර මහ හඬින් ඇසුණු පිපුරුම් ශබ්දයෙන් පසු වෙළදඳසැල්  හිමියා වහා මුලුතැන්ගෙට ගොස් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටය අසලින් ගෑස් පිටතට යාම නවත්වා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බව ද පොලීසිය පැවසුවේය.

පසුව බලනවිට ගෑස් ලිප පුපුරා ගොස් තිබූ බව ද පොලීසිය පැවසුවේය. ඇඹිලිපිටිය පොලීසිය විමර්ශන කටයුතු සිදුකරයි.