(යොහාන් භාසුර)
ගෑස් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව තේ එකේ සිට සියලුම ආහාරවල මිල ඉහළ යන බවත් එම මිල ඉහළ දැමීමේ තීරණය ආපනශාලා හිමියන්ට පැවරෙන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
රට තුළ භාණ්ඩ මිල ඉහළ යෑමට හේතුවෙන් මේ වන විට ආපනශාලා කර්මාන්ත කඩාවැටී ඇති බව කී අසේල සම්පත් මහතා ඒ හේතුවෙන් තම තමන්ගේ ව්‍යාපාරය ආරක්‍ෂාකරගැනීමේ වගකීම ආපනශාලා හිමියන්ට ඇති බව ද සඳහන් කළේය.
අපනශාලාව වෙත දෛනිකව පැමිණෙන පාරිභෝගිකයන් පිළිබඳව ආපනාශාලා හිමියන් අවබෝධයක් ඇති බවත් ඒ අනුව ආහාර මිල වැඩි කරනවාද එසේ නැත්නම් පවතින මිලට තබාගන්නවාද යන තීරණය ආපනාශාලා හිමියන්ට ගතහැකි බවත් අසේල සම්පත් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd