(යොහාන් භාසුර )
කොළඹ වරායේ නවතා ඇති ගෑස් නෞකාවලට ගෙවීම් කර ඇති බවත් එම ගෑස් තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව ගෘහස්ථ ගෑස් බෙදාහැරීම නැවතත් අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
නිදහස් කරගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් දින 11ක් තිස්සේ මෙම ගෑස් නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ අතර ඒ හේතුවෙන් ලිට්රෝ සමාගම සතුව ගෑස් තොග නොමැතිවීමෙන් එම සමාගම ඊයේ (16) සැපයුම අත්හිටුවීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ කාරණා දැන් කියකියා කරන්න හොඳ නැහැ.. නැව්වලට අලාභයක් කරන්නත් පුළුවන්. එහෙම සත්තු ඉන්නවා.