
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පලස්තීන ජාතිකයන් 9000 ක් ඝාතනය කිරීම ජන සංහාරයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව්යෝර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටි ක්‍රේග් මොක්හිබර් ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලයේ යුද අපරාධවලට ගැලපෙන අයුරින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කළ කිරීමට පත්වූවා යැයි පවසමින් ක්‍රේග් මොක්හිබර් පසුගිය 28 වැනිදා සිය ඉල්ලා අස්වීම එක්සත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට බාර දුන්නේය.
ඊශ්‍රායලය පලස්තීනයේ සිදු කරන්නේ ජන සංහාරයක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊශ්‍රායාලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ නොකරන්නේ මන්දැයි තමන් නොදන්නා බවත් පවසමින් ක්‍රේග් මොක්හිබර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත.ගාසා තීරයේ සිදුවන්නේ ජන සංහාරයකින් ඔබ්බට ගිය යුද අපරාධයක් යැයි මානව හිමිකම් නීතීඥවරයකු ලෙස දැඩි විශ්වාසයකින් පැවසිය හැකි බව ක්‍රේග් මොක්හිබර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පෙන්වා දී ඇත.
මෙතෙක් මියගොස් ඇති පලස්තීනුවන් 9000 න් 3648 ක් දරුවන් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙයට මැදහත් විය යුතු බවත් මානව හිමිකම් සංවිධාන රාශියක් මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළේය.එසේම යුද්ධයෙන් මේ දක්වා පලස්තීනුවන් 22000 ක් තුවාල ලබා ඇතැයිද මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත.
පසුගිය 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ හමාස් ඉලක්ක 12,000 කට ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායල හමුදා පවසයි.එම ප්‍රහාර වලින් හමාස් සටන්කාමීන් විශාල පිරිසක් ඝාතනය කිරීමට හැකියාව ලැබුණු බව ඊශ්‍රායල හමුදා පෙන්වා දී ඇත.එසේම සිය හමුදා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවද ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායලයට යුද්ධය අවසන් කරන ලෙස පවසමින් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව විශාල පීඩනයක් එල්ල වෙමින් පවතී.ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ද මානුෂීය ආධාර ලබා දීම සඳහා ඊශ්‍රායලය සටන් විරාමයකට පැමිණිය යුතු බව පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමාස් ගහපු වෙලාවේ ඉල්ලා අස්වුණා නම් තමයි ගොඩක් හොඳ...
යුදෙව්වන් මිහිපිට නොසිටිය යුතුයි.
එ.ජා. සංවිධානය යනු ඇමරිකනු රූකඩයක් පමණයි. ඇමරිකාව කියන දෙයක් කරනවා ඇරෙන්න ඔවුන්ට වෙන කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ. එහෙව් තැන හෘද සාක්ෂියක් එක මිනිහෙක් හරි හිටිය එක ලොකු දෙයක්...!
මිනිසා සුවඳයි මළසේ... නුවණින් එළියයි හිරු සේ... පරවී වැටිලා ඒ හිරු මල ලෝ තලයේ...!