(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම බංග්ලාදේශය, මියන්මාරය, මාලදිවයින, ඉන්දියාව සහ අප්‍රිකානු රටවල්වලට ගෑස් අපනයන කරන බවත් ලාෆ් ගෑස්වල ප්‍රශ්නයක් ඇති බවට එම රටවල්වලින් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.එච්.කේ. වෑගපිටිය මහතා පැවසීය.
ලාෆ් ගෑස් කර්මාන්තය ඉහළම ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යන බවත් පසුගිය වසර 25 පුරාම එම ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගිය බවත් වෑගපිටිය මහතා සඳහන් කළේය.
ලාෆ් ගෑස් සම්බන්ධයෙන් ඇත්තේ වෙළෙඳපොලේ පවතින හිඟය බව කී සභාපතිවරයා ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ණයවර විවෘත කර දෙන්නේ නම් සති දෙක තුනක් තුළ අවශ්‍ය සම්පූර්ණ ගෑස් ගෙන්වා දිය හැකි බව ද ඔහු සඳහන් කළේය.
සමස්ත ශ්‍රී ලංකාවටම ගෑස් සැපයීමට සිය සමාගමට හැකි බවත් වෑගපිටිය මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටවල මිනිස්සු පරීක්ෂණවලට යොදාගත්තොත් තමුන්නාන්සේලා හිටවලා පස් ගහයි...
හරිනේ... සංයුතිය වෙනස් කරලා එවන්නේ අපේ රටට විතරයිනේ...
ඒ රටවල සංයුතිය වෙනස් කරලා නැහැ නේද?
ඇත්ත වෙන්න පුළුවන්. පිටරටවලට තත්වයෙන් බාල භාණ්ඩ අපනයනය කළොත් ඒ රටවල නීතීන්ට යටත් විය යුතුයි. මාධ්‍යවල පලවන පුවත් අනුව ලෝකයේ බොහෝරටවල නීතියේ ආධිපත්‍යය පවතින බව පැහැදිලිය.
ගෑස් ඇණවුම් කරන්නේ රටේ පවතින උෂ්ණත්වය වැනි කාරණා සලකා බලා කියලා හිතෙනවා. හැම රටකටම එකම ප්‍රමිතියකින් ගෑස් ගෙන්වන්නේ නැහැ නේද? කොහොම වුණත් පෝලිම් නැතිකරන්න මේවා කළාද සැකයි...
ඔය කියන රටවලට ගෑස් අපනයනය කරනවා නම් අපේ රටට ගෑස් ගෙන්නන්න ඩොලර් නැත්තේ මොකද ඔය කම්පැනියට?
ප්‍රශ්න තියෙන්නේ මෙහෙ මිස සෙසු රටවල්වල නොවේ...