
(රංජිත් රාජපක්ෂ)
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක අද (29) ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදු වි වෙළදසැලට හානි සිදුවිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
අද (29) උදැසන 8.30ට පමණ පිපිරිම සිදු වු බව එම ආපන ශාලාවේ හිමිකරු කියා සිටියේය .
තමන් කාලයක් තිස්සේ ආපන ශාලාව පවත්වාගෙන යන බවත්, අද (29) දින උදෑසන ආහාර පිසිමින් සිටියදි ගැස් ටැංකිය සහ ගැස් ලිප අතර ගැස් බට නලය එකවරම පුපුරා ගොස් ගින්න ඇති වු බව එම ව්‍යාපාරිකයා කියා සඳහන් කළේය.
ගින්නෙන් වෙලදසැලට හානි සිදු වි ඇති බවත්, පිසමින් සිටි ආහාර පාන විනාශ වු බවද එම ව්‍යාපාරිකයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිලින්ඩර් එකේ ප්‍රශ්නයක් නෙවෙයි... රෙගියුලේටරයේ හරි, ටියුබ් එකේ හරි අවුලක්...
මේ හොර ගෑස් යුද්ධය තියෙන කාලේ බෝම්බ හදන්න පාවිච්චියට ගන්න තිබුණා.