
(අජන්ත රත්නායක)
ගෑස් අර්බුදයට වගකිවයුත්තන් එල්ලිය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිපල ජනතාවට විදීමට සිදුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු ලෙඩවන බව කී වෛද්‍යවරුන්, ඉන්දියාවෙන් දැන් ගෙන්වන අධි රසායනික සහිත පොන්නි සම්බා ආහාරයට ගැනීමෙන් මෙරට ජනතාවගේ වකුගඩුවලට සිදුවන බලපෑම ගැන කල්පනා කළ යුතු බව ද ඇමැතිවරයා කියයි.
"මට නම් තාම කොහෙන්වත් හූ කිව්වේ නෑ. මම හූ කියන තත්ත්වයට පත්වෙලත් නෑ . මොකද මම මිනිස්සුත් එක්ක ඉන්න නිසා. මිනිස්සුන්ට ආදරේ කරනවා නම් සහ නිහතමානි වෙනවා නම් මම හිතන්නේ නෑ කාටවත් හූ කියයි කියලා. නිහතමානි වෙන්නේ නැතුව උද්දච්චකමින්, මහන්තත්තකමින් ඉන්න ගියොත් වැඩිකල් යන්නේ නැතුව හූවක් තමයි අපිට කන්න වෙන්නේ."
" ආණ්ඩුව විසින් කරපු වැරදි කිහිපයකුත් තියෙනවා. එකක් තමයි මේ පොහොර ගැටළුව. හොඳ දෙයක් කරන්න ගිහිල්ලා දැන් ඒක අනිත් පැත්තට කැරකිලා තියෙන්නේ. ලබන අවුරුද්දේ ඉඳලා අපිට කන්න වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වන පොන්නි සම්බා තමයි. පොන්නි සම්බා ටිකක් එක්ක අපේ හාල් ටිකක් තියලා බැලුවොත් පොන්නි සම්බා එකේ මැස්සෙක්වත් වහන්නේ නෑ.
හැබැයි අපේ හාල්වල මැස්සෝ වහනවා. ඒ කියන්නේ පොන්නි සම්බාවල රසායනික අන්තිම කෙළවරේ තියෙන්නෙ. රසායනික කාපුවාම වකුගඩු ලෙඩ වෙනවා කියපු දොස්තරලා, ඉන්දියාවේ පොන්නි සම්බා කනකොට වකුගඩුවලට කොයිතරම් බලපානවද කියල දැන් කල්පනා කරන්න ඕනෑ.
ඒ නිසා රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නේ අමූලික බොරුවක්. මම ඒක බොහොම අවංකවම කියන්නේ. එහෙම එකක් නෑ. අපිට තියෙන්නෙ වතුර ප්‍රශ්නයක්. උදේ කුඹුරට ගියාම හවස් වෙනකන්ම වතුර බොන්නෙ නැතුව අපේ ගොවියෝ විජලනය වෙනවා. ඒක වකුගඩුවලට බලපානවා. අනිත් එක අපි භාවිතා කරන භූගත ජලයේ තමයි කැඩ්මියම් ලෝහය වැඩිපුරම තියෙන්නෙ. ඒකත් වකුගඩුවලට බලපානවා.
ඉබ්බාගමුව බතික් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් අර්බුධය විතරද, මේ රටේ දැන් ඇති වෙලා තියෙන්නේ. මිනිසුන්ට එළවළු පලතුරු නැහැ. තිබ්බත් මිල අධිකයි. ආදායම බිංදුවට ගිහින්.
දැන් හූවෙන් බෙරිලා ඉන්න ඇමැතිවරුන් කරන්න තියෙන ඔක්කෝම සෙල්ලම් දානවා.. හූව පටන් ගත්ත ජනතාවට මගේ ප්‍රණාමය.!!! හූවට ජයවේවා...!!!
මේ අවුරුදු 70වට වැරැදි කරපු දේශපාලකයෝ එල්ලුවා නම් මෙලහකටත් ලංකාව සංවර්ධනය වුණු බලවත් රටක් වෙලා.
"දයාවෙන්" කෙසේ වෙතත් "කථාවෙන් සිරිගැන් වූ" දයාසිරි ගොයියාගේ ඒ කතාව නම් මසුරං වටී. එහෙම එල්ලනවා නම් පළමුව එල්ලන්න ඕනේ දියවන්නාව පට්ටියේ 226ම. එය කිසිදා නොවෙන දෙයකි. ඉතින් මල්ලියේ ගැලරිය පිනවන ගොන් කථා කීමෙන් වළකිමි. මොකද විපක්ෂ පට්ටියේ ඉන්නා තරමක් මීහරක් කියන්නේම ගැලරිය පිනවන ගොන් කතානේ...
ගෑස් සමාගම් ලොක්කෝ වැරැදි කාරයින් නම් තැන තැන වහසිබස් කියන එක නවත්තලා, ඔවුන්ට විරුද්ධව නඩුවක් ගොනු කරන්න. තමන් පෙරකදෝරුවෙක්, තමුන්ට මේක කරන්න දැනුම තිබෙනවා. දිගින් දිගටම ජනතාව ගොනාට අන්දවමින් නාට්‍ය ජවනිකා පෙන්නුවොත් අර 2020 දී වගේ හූ හඬවල් අහගන්න ලැබේවි...!!!
ඇමැතිතුමා, ඔය ගෑස් ප්‍රශ්නයට උඩින්ම වග කියන්න ඕනා කෙනෙක් තමයි ඔයාලගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න හෙවත් පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා. ඔහු බොහොම උද්වේගයෙන් කටයුතු කරා ගෑස් සමාගම් නිවැරදියි කියන්න. අන්තිමට කිව්වා මුළු රජයත්, කලින් තිබුණු රජයනුත් හරියට වැඩ කරලා නෑ කියලා. ඉතින් ඔබලාගේම පක්ෂයේ ලසන්ත අලගියවන්න කියන විදිහට දැන් පවතින රජය සාමූහිකව වගකිවයුතු බව ඔහුගේ බැරිකමට, ඒ රජයේ ඇමතිවරයෙක් වන ඔබත් එල්ලන්න කියලා නේද මේ කියන්නේ...?
නියම කථාව ඇමතිතුමනි, ඇත්ත කථා කරන්න ඕනෑ.
එහෙම නම් ඇයි දැනදැන අයවැයේදී කෘෂිකර්ම සහ වෙළඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දුන්නේ? නිකම් බොරු සෝභන දාන්නේ නැතුව ආණ්ඩුවෙන් එළියට ඇවින් විවේචනය කරන්න. ඉස්සරහට හූ නොවේ, ජනතාවගෙන් ගුටි කන්න වේවි...!
ඊළඟ ඡන්දේ පරදිනවා කියලා බය හිතුනම විකාර දොඩවනවා.
මෙතුමා වැනි කෙලින් අදහස් පල කරන නායකයින් අද රටට අත්‍යාවශ්‍ය වේ.. මීලග ජනාධිපති වීමට ඉඩක් තිබෙන නායකයෙක්.
තමුන්නැහැලත් මේ අර්බුදය සමග එල්ලිය යුතුයි. සමස්ත රටටම මේ ගෑස් බෝම්බ විනාසේ විසාල වින්නැහියක්. ගෑස් කොම්පැනි දෙකේම තක්කඩි සබාපතිලා දෙන්නට නඩු දාල මාස ගනම් වෙනවා... දෙන්න බොරු වොයිස් කට් නිව්ස් වලට දිදී දිදී ජෝගි නටනවා....කෝ දඩුවමක්?
මේවට ඉතින් කියන්න ඒවා තියෙනවා. ඒවා දාන්නේ නැතිනිසා කටපියාගෙන ඊගාව ඡන්දෙ වෙනකම් ඉන්නම්....
අපට තියන ප්රශ්නය රටම විනාශ වෙන බව දැක දැක ,වැරදි කණ්ඩායමකට එකතු වෙලා බොරු වහසි බස් කිය කියා ඉන්නේ නැතුව ආත්ම ගෞරවයක් තියාගෙන එලියට බහින්නේ නැත්තේ ඇයි කියන එක.ආත්මයක් වත් ගෞරවයක් වත් නැති නිසාද?
නෑ. තමන්ට තමා එල්ලෙන්න වෙන්නේ . එක එක්කෙනාට ඇඟිල්ල දික් කරල තමුන් බේරන්න හදන්න එපා.
ඒ ලැයිස්තුවේ ඔබ ඉන්නේ කොතැනද?
ජනයා ඉදිරියේ උන් නිරුවත් කරනු
හොඳ වෙලාවට ඔබතුමා බතික් ඇමති .පුලුවන්නම් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙලා විරෝධය පෙන්නන්න, ඔයත් නිකන් සිරිසේන වගේ දොඩවන් නැතුව
ගෑස් අර්බුධයට වගකිව යුත්තන් සිටින පැත්තේ තව දුරටත් එල්ලී සිටීමට අදහස් කලා කියල වෙනස් කල යුතුය.
එල්ලනවා නම් මෑත ඉතිහාසයේ පුවත් මැවූ කී දෙනෙක් නම් එල්ලන්න වෙනවද? අපේ රටේ උගත්කම තියන මිනිසුන්ටත් හෘද සාක්ෂියක් නෑ. සහතික ගොන්නක් තිබුණු පළියට මනුස්සයින්ට ගරු කරන්න හොඳ නෑ කියලා දැන් ගැමි ජනතාවත් මේ රටේ ලොකු පුටුවල ඉන්න මිනිස්සු දිහා බලලාම ඉගෙනගෙන තියෙනවා. ඔය වැරැදි කරපු මිනිසුන්ට සමාජයෙන් ලැබෙන පිළිකුළ සහ ස්වභාව ධර්මයෙන් ලැබෙන දඬුවමෙන් බේරෙන්න බැහැ...