
(නිමල කොඩිතුවක්කු)
ගෑස් මිල අඩු කළත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
බේකරි නිෂ්පාදකයන්ගෙන් 75% ක් පමණ ඩීසල්, දර සහ විදුලිය භාවිතා කිරීම මෙයට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
හත් දහසක් පමණ වන සමස්ත බේකරි ප්‍රමාණයෙන් ගෑස් භාවිතා කරනුයේ 2000 ක ට අඩු පිරිසක් පමණක් බවත් ජයවර්ධන මහතා කීවේය.
ඩොලරයේ අගය තවදුරටත් පහත වැටී තිරිගු පිටි, මගරින්, බිත්තර මිල ආදිය අඩු වුවහොත් පමණක් ඉදිරියේදී ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිරි ලන්තේ භාන්ඩ මිල වැඩි කරන්න එක හේතූවක් ප්‍රමානවත් වූවත් මිල.අඩු කිරිමට නම් හේතූ 100 පමන අවශ්‍ය බව පෙනි යන නිසා මිල අඩු කරන්න වෙහෙසෙන්න එපා.දෙන ගානටම දෙන්න.ඒ ගානට අපි කන්නම්.
ඒක තමා කියන්නේ තෙල්,ගෑස් සැමදා පාඩු උනත් ලාබ උනත් එක මිලකට තියාගන්න කියලා
ගෑස් අඩුයි පාන් පිටි අඩුයි ඒ්ත් ගනන් අඩු නැහැ .තොපිට හෙනගහනවා
එහෙනම් බේකරි වලට විතරක් ඒ ගානටම ගෑස් විකුනන්න බැරිද. එතකොට ආන්ඩුවට ඒකෙන් ලාබෙකුත් ලැබෙනවා .
නිවන් සුව ලැබේවා...!
එතකොට බක්කරේ උන්නැහේ දෙදාහක් වන ගෑස් පාවිච්චියට ගන්නා අයටවත් අඩුකරන්න බැරිකමක් නැහැ කියලා හිතන්නේ නැද්ද
තොපි ගෑස් වැඩි උනාම ගනන් වඩි කලේ මොන මගුලකටද ගෑස් පාවිච්චි කරන්නෙ නැත්නම්. උබල අර 225 ට වඩා අන්ත හැතිකරයක්
එතකොට ගෑස් පාවිච්චි කරන 25% ට අඩු කරන්නත් බැරිද?
ඉන්දියාවෙන් පාන් ගෙන්න ඕනද
බේකරි කරන හැත්ත ගෙන් මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
මුන්ගේ අම්මා ජීවතුන් අතරද? පිටි සීනි ගෑස් පොඩි සොච්චමකින් වැඩි උනත් මුන් Rs. 100/-, 200/- වැඩි කෙරන්නේ. දැන් අඩු කෙරන්න බැහැලු .
ඉතින් ඇයි එහෙනම් ගෑස් වැඩි කරපු ගමන්ම පාන් බනිස්වල මිල වැඩි කරන්නෙ??
අසමජ්ජාතියො
පාරිභෝගිකයින් එකතුව නුඹලාට උගන්වනවා. කටේ පස් වැටෙන දිනය අත ළඟ. මතකනේ බිස්කට් සමාගම්වලට සිදුවුණු දේ...