(යොහාන් භාසුර)
කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු වී තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු අතර විශේෂ හමුවක් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
වාරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ පවතින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා වරාය ආශ්‍රිතව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ඉදිරි කටයුතු පිළිබඳ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අමාත්‍යවරු සාකච්ඡා කළහ.
COMMENTS
මීට කලිනුත් ඔය දේම අඬබෙර ගහලා කීප සැරයක් පටන් ගත්තා. ආයි උත්සවයක් තියල ඔන්න අපි පටන් ගත්තා කියන්න කලින් මීට කලින් ආරම්භ කල ඒවට මොකද වුණේ කියලා හොයලා බලන්න ඔය ඇමති කුටියකට මොළයක් නැද්ද?
අදහස හොඳයි හැබැයි වායුසමනය කල යම් ප්‍රමිතියකට දුම්රිය යොදන්න.
ඉතා කාලෝචිත දෙයක්, රේල් පාර ගුවන්තුටුපොලටම හදලා තිබෙන නිසා පැය බාගෙන් බාගෙට රේල් බස් එකක කොටුවට යැව්වත් ඇති.
තිබ්බ දුම්රිය සේවය ඒ විදිහටම තිබ්බා නම් ආයෙ අලුතින් පටන් ගන්න දෙයක් තියෙනවාද? බොරු සෝබන වැඩ විතරයි.
මුලින්ම අඩු වියදමකින් පොඩියට රේල් බස් එකකින් වැඩේ පටන්ගමු පස්සේ පුළුවන් වැඩි දියුණු කරගන්න.
ලෝක හොරු දෙන්නෙක් තවත් කුට්ටියක් ගසාකන්න ගහන ගේම් එකක්.
බූරුවන් දෙන්නෙක්ගෙ විකාර කතා. සිටි බස් සේවයවත් හරියට කරාද? ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලේ සිට ක්වාලාලම්පූර් නගරයට තිබෙන දුම්‍රිය සේවාව ආදර්ශයට ගන්න. අපේ රට ඒ කිට්ටුවටවත් එන්න හැකිවෙයිද?
ඕවා කරන්න කලින් දැනට තියෙන කොච්චි ටික හරියට ධාවනය කරලා හිටියනම්. පිස්සෝ
මළකඩකාපු අටමගල් එහෙම දානවා නෙවෙයි... එන සුද්දෝ ආපහු හැරිලා යයි... රටට අඩියවත් නොතියා.
මාර බඩු තමයි... සුපිරි ගේමක් තමයි දෙන්න යන්නේ... පල් හොරු.