IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගුවන්තොටුපොළින් මතු වුණ සර්පයින්

 

(ටී.කේ.ජී.කපිල )

වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් ( CITES ) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගී කාන්තාවක් ඊයේ (11 ) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින්  ලැබී තිබූ බුද්ධි තොරතුරු මත අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය කොළඹ , කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .

 ඇය මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස මෙම සර්පයන් ඔතා සගවා ගෙන තිබුණි .කහ ඇනකොන්ඩා ( Yellow Anaconda ) , බෝල් පයිතන් ( Ball Python ) ,

ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් ( Speckled King Snake ) සහ හොන්ඩියුරානු කිරි සප්පයා ( Honduran Milk Snake ) යන වර්ග වල සර්පයන් 06 දෙනෙකු මෙම කාන්තාව විසින් රැගෙන විත් තිබුණි .

මෙම සර්පයන් අලෙවි කිරීම සදහා ඇය රැගෙන විත් තිබූ අතර , ඔවුන් මිළදී ගෙන මද කළක් ගිය පසු විශාල ශරීර ඇති සර්පයන් බවට පත් වීමත් සමගම , ඔවුන් තවදුරටත් සිය නිවෙස් වල තබා ගැනීමට අසීරු වීම නිසා , මෙරට වනාන්තර සහිත ප්‍රදේශ වෙත මුදා හැරීම සිදු කිරීම නිසා , මෙරට පරිසර පද්ධතියට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව රේගු නිලධාරීහු පැවසූහ .

එසේම ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම නීතිවිරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් වන අතර , මේ පිළිබද ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් රේගු පරිශ්‍රය වෙත කැදවා දැඩි ලෙස අවවාද කර , රේගු විමර්ශන වලින් පසුව මෙම සර්පයන් ආපසු රැගෙන යන ( Re Export ) ලෙසද රේගු නිලධාරීහු නියෝග කළහ .

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශාල වශයෙන් ගෘහාශ්‍රිතව සර්පයන් ඇති කිරීම සිදු වන අතර , ඔවුන්ගේ ආහාර පිණිස සුදු පැහැති කුඩා මීයන් විශේෂයක් ද , විශාල වශයෙන් මෙරටට ආනයනය කෙරෙමින් පවතින බව රේගු නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බවද රේගු නිලධාරීහු වැඩිදුරටත් පැවසීය .

 



අදහස් (3)

ගුවන්තොටුපොළින් මතු වුණ සර්පයින්

ලුම්බිණි Friday, 12 September 2025 11:10 AM

එතකොට මේ සත්තු ගෙනාපු කෙනාට දඬුවම් නැද්ද ?

:       0       14

කව්ද බෝයි Friday, 12 September 2025 11:30 AM

සර්පයොත් එක්ක "කිරි සප්පයෙකුත්" ගෙනල්ලා...අනේ අපොයි

:       0       13

don Friday, 12 September 2025 08:26 PM

මනස විකෘති වුණු මිනිස්සු තමයි සර්පයන්ට කැමැති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site