
(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් ඉන්ධන හල් 217කින් ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.
මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය අතිරේක ඉන්ධන පවා ලබාදීමට එකඟ වු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල ඉන්ධන හල් ලේඛනය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් පසුව එම ඉන්ධනහල් මඟින් ගොවීන්ට සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමට තීරණය කර තිබෙි.
2022 යල කන්නය මේ වන විට ආරම්භ වී තිබෙන අතර දිවයිනේ සෑම කෘෂිකාර්මික ප්‍රදේශයකම ගොවීන් සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම නිසා දැඩි දුෂ්කරතා වලට මුහුණ පා සිටින බව කෘෂිකර්ම, වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
ගොවීන්ට තමන්ගේ කුඹුරුවල සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගොවිජන සේවා මධ්‍යස්ථාන වල අනුමැතිය සහිත ලිපියකින් බලය ලත් ඉන්ධන හල් වලට ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීමට හැකියාව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පිළිවෙළ විතරයි. වැඩ නැහැ.
තවත් ආදර්ශමත් දේශපාලකයෙක්..
හිසරදයට කොට්ටය මාරු කරලා හරියන්නේ නැහැ.. දැන් ඉන්න 225 තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාවට සෙත...
ඇමැති කිව්වට නිලධාරීන් කියාවි අපි දන්නේ නැහැ කියලා. ඔවුන් හම්බ වෙන්න ගෙදරට හෝ ඔවුන්ගේ පුද්ගලික පැල තවාන් වලට යන්න ඕනේ.. ඔවුන් ගොවිජන සේවා මධ්‍යස්ථානයට එන්නේ සතියකට දිනක් පමණි. ඇමැතිට පුළුවන් නම් මේක අගුණකොළපැලැස්ස, රන්න, හුංගම යන ප්‍රදේශවල මුලින්ම කරලා පෙන්වන්න. එම ප්‍රදේශයේ පෙට්‍රල් ශෙඩ් 9කම හිමිකරු බව දන්නවා..
ගොවියෝ මුලාකරන්න මෙදාපාර බැහැ, කොහොමත් සීසාන්න යන්න දෙන්නේ නැහැ පොහොර දෙනකන්..., පොහොර නැතිව ගොවිතැන් කරලා වියදම් කරපුවාගෙන් 25% ක් වත් හොයාගන්න බෑ. මේ ප්‍රශ්න නිසා මේ කන්නේ වගාකරන්න බැහැ. ඔය ඩීසල් ටික ධීවරයාට දුන්නොත් සති 2-3කින් මාලු මිලත් බහීවි.
මොහු මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ඇමැති, ඉන්පසු යහපාලන ආණ්ඩුවේ ධීවර ඇමැති... ඉන්පස්සේ ආණ්ඩුවේත් ඇමැති, දැනුත් ඇමැති... මේ ආර්ථික විනාශයේ එක කොටස් කාරයෙක් මොහු.., මොවුන්ට මේ ප්‍රශ්න විසඳන්න බැහැ. 90 දශකයේ මුල ප්‍රාදේශීය සභාවට තරග කරනකොට මොහුට යතුරු පැදියක්වත් නැහැ. දැන් තිබෙන දේපළ දිහා බලන්න.. ඇස් අරින්න..
අමාත්‍යතුමනි, කෘෂිකර්මය පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයින් විසින් කාබනික ගොවිතැන පිළිබඳ උපදෙස් ලබාදීම හේතුවෙන් විනාශයට පත් වී වගාවට යළිත් පණදී සහලින් යළි රට ස්වයංපෝෂිත කිරීමට පියවර ගත යුතුයි. එසේම ජනතාවට දරාගත නොහැකි සහල් මිල අඩු කිරීමට පියවර ගන්න...