(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව සැපයීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පවරා තිබේ.
මහ කන්නයේ වී වගා කටයුතු පිළිබඳව ජාතික ගොවි සමුළුවේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙි බව කීය.
ඒ අනුව මහ කන්නයට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව සැපයීම සම්බන්ධීකරණය සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් විශේෂ නිලධාරියෙක් පත් කරන බවත්, සියලු දිස්ත්‍රික් ලේකම්වරු විසින් ඊට අවශ්‍ය පියවර ගත යුතු බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
වී වගාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ දී යම් ගැටළුවක් පවතින්නේ නම් ගොවීන් දිස්ත්‍රික් ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම දැනට භූමිතෙල් පිළිබඳ ගැටළුවක් ඇතත් මෙම මස 20දායින් පසුව එම ගැටළුව විසඳීමට කටයුතු යොදා ඇතැයි ද මෙහිදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවීන්ට ඉන්ධන සැපයීම දිසාපතිලාට පවරයි
ravin Thursday, 13 October 2022 10:10 AM
වෙන්න ඕනෙත් ඒක තමා.