
(ගයාන් සූරියආරච්චි)
ගුවන් හමුදාවට වසර 73 ක් සපිරීම නිමිත්තෙන් මිලියන 125ක ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවැසීය.
ගුවන් හමුදාපතිවරයා ඒ බව පැවැසූවේ ඊයේ (14) ගුවන්හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ගුවන්හමුදාපතිවරයා මෙසේද පැවැසීය.
1951 වසරේ මාර්තු 2 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා ගුවන්හමුදාව ස්ථාපිත වුණා. ඒ අනුව ලබන මාර්තු මස 2 වැනි දිනට ගුවන් හමුදාවට 73 වසරක් සපිරෙනවා. එයට සමගාමීව ‘වින්ග්ස් ඔෆ් ෆ්රෙන්ඩ්ෂිප්‘ හෙවත් මිත්‍රත්වයේ පියාපත් නමින් ප්‍රජා සත්කාර වැඩසටහන් ව්‍යාපෘති කීපයක් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව යාපනය, කිළිනොච්චිය, මන්නාරම, වව්නියාව, මුලතිව් යන ප්‍රදේශ ආවරණය වන පරිදි පාසල් 73 ක් සංවර්ධන සහ ඉදිකිරීම් කටයුතු සදහා ඇස්තමේන්තු ගත මිලියන 100 ක මුදලක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම උතුරු පළාතේ පාසල් දරුවන්ට ‘මගෙන් පොතක්‘ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 25 වැයකොට පාසල් පොත් කට්ටල 73,000 ක් බෙදාදීමටත් තවත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මෙම පොත්පත් සපයා ගැනීම සදහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්, ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.
ලබන මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා යාපනය මුට්ට්‍රෙව්ලි ක්‍රීඩාංගණයේදී ‘එයාර් ෆෝස් ටැටූ -2024‘ තාක්ෂණික අධ්‍යාපනික ප්‍රදර්ශනයක් හා සැනකෙළියක් සංවිධානය කෙරෙන අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන්යානා නැරැඹීම සදහා අවස්ථාව උදාවෙනවා.
එමෙන්ම දෙස් විදෙස් ගුවන් භටයන්ගේ සහභාගිත්වයෙන් ගුවන් සංදර්ශනයක් ලබන මස 31 වැනි දින සිට ජූනි 2 වැනිදා දක්වා කොළඹ පෝට් සිටි හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තියෙනවා.‘ යැයි යැයි ගුවන් හමුදාපතිවරයා පැවැසීය.
(ඡායාරූප රුසිරු කොළඹ තන්ත්‍රිෙග්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැය හරහා ගුවන් හමුදාවට වියදමට බදු මුදල් දෙනවා. ගුවන් හමුදාව ඒ මුදල් වැඩියි කියලා දාන මාන දෙනවා. මුදල් අතිරික්තයක් ඇත්නම් ඒ බව රජයේ භාණ්ඩාගාරය හරහා ලබන වසරට තබාගන්න. උතුරේ හෝ දකුණේ ප්‍රජා සහ අධ්‍යාපන කටයුතු රජයේ ප්‍රතිපත්තිවලට අනුව වෙන් කරන මුදල්වලින් අදාල පාර්ශව කරගෙන යයි. රටක ගුවන් හමුදාව කළ යුත්තේ ඔවුන්ගේ රාජකාරිය මිසක් රටේ තෝරාගත් ප්‍රදේශවලට තම මුදල් සංචිත වියදම් කිරීම නෙවෙයි. මෙවැනි වැඩක් වෙන රටක කළේ නම් අදාල අයගේ සේවය පවා නැතිවී හිරේද යන්න වෙනවා. අනික මේ වංගු වැඩවලින් බොහෝ දූෂණ වංචා වලට මග පෑදෙනවා...
ආණ්ඩුව අයවැය හරහා මුදල් වැඩිපුර දීලා හමුදාවන් චන්ද මංකොල්ලයක යොදවනවා….. ඒ අස්සේ මේවා බෙදන අයට හොද ගැහිලි. මිලියන් එකසියවිසිපහක බඩු…
තේරෙන්නෙ නැද්ද. පිනා විසින් ගුවන් හමුදාව ලවා චන්ද ගුණ්ඩු ලබාදීම සිදුකරනවා.
ඉතා අගනා කටයුත්තක්. එත් එතකොට උතුරේ අධ්‍යාපන අමාත්‍යාංශය මොනවද කරන්නේ .කව්රු මොනව කීවත් උතුරේ මනුස්සයෝ විඳින්නේ මාර දුකක් වතුර නැතිව ඒ දුක දැනෙන්න නම් පොඩ්ඩක් උතුරේ යන්නම ඕන
උතුරු නැගෙනහිර සහ වතුකරයේ දුක විතරයි පෙනෙන්නේ.අපිව මරාගෙන බදු අරගෙන උතුරට විතරක් සලකනවා .දකුණේ කොච්චර අඩු පහසුකම් පාසල් තියනවද .උතුරේ 90% කම පවුල්වල අය ඉන්නේ යුරෝපා රටවල.දෙන දෙයක් රටේ හැම කෙන්කාටම දීපියව්
උතුරු පළාතේ අපි විඳින දුක දන්නේ අපි විතරයි. අපේ පළාතට ඇවිත් පාසල් දියුණු කරන්න, අපේ දරුවන්ට පාසල් පොත්පත් ලබාදීම ගැන අපි රටේ හමුදාවට ස්තුතිවන්ත වෙනවා. එවැනි ක්‍රියාවක් අගය කරනවා වෙනුවට ඒ පිළිබඳව මෙවැනි අශුභවාදී අදහස් පළ කිරීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.