
(යොහාන් භාසුර)
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී සිදුවූ ගුවන් යානා අනතුරින් ජීවිතක්‍ෂයට පත්වූ ගුවන් නියමු විංග් කමාන්ඩර් තරිඳු හේරත් සහ ගුවන් යානා ඉංජිනේරු ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසූරිය යන මහත්වරුන්ට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා දේහයන් තැන්පත් කර තිබෙන නිවෙස්වලට ගොස් අද (9) අවසන් ගෞරව දැක්වීය.
ගුවන් නියමු විංග් කමාන්ඩර් තරිඳු හේරත් මහතාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේ අද (9) සිදුකෙරිණි.
ගුවන් යානා ඉංජිනේරු ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසූරිය මහතාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව අලව්ව, මහරච්චිමුල්ල, දිවුලගහකොටුව පොදු සුසාන භූමියේදී හෙට (10) සිදුකෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මැතිඳුනි මේ පුරාවස්තු වැනි ගුවන් යානා පයිලට් ට්‍රේනින් වලට නොගන්න .හැකිනම් දේශපාලකයින් ප්‍රවාහනයට යොදාගන්න