
(යොහාන් භාසුර)
විවිධ ගුවන් සමාගම්වලින් ලැබිය යුතු බිලියන ගණක මුදල් හැකි ඉක්මනින් අය කරගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියට ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් දී තිබේ.
නව ගුවන් සේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ගුවන් නියමුවන් පුහුණු කාර්යයන් සහ ලියාපදිංචිකිරීම් පුළුල් කිරීම සහ 2028 වන විට ම්ලියන 12ක ගුවන් මගීන් ගෙන්වාගැනීම යන ඉලක්ක සපුරා ගන්නා ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග කළ විශේෂ සාකච්ඡාවකදී මෙම උපදෙස් දුන්නේය.
එම අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා, සිවිල් ගුවන්සේවා අධිකාරි, අධ්‍යක්ෂ ජනරාල්, සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd