IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගුවන් විදුලි සංස්ථාව - රූපවාහිනිය වෙන් වෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්වකීය අනන්‍යතාව සහිත වෙන් වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධ කරමින් එක් රාජ්‍ය සමාගමක් පිහිටු වීම සඳහා 2023-11-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, එවකට පැවති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධ කර සමාගම් පනත යටතේ රාජ්‍ය සමාගමක් පිහිටු වීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

එහෙත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොමැත. කෙසේ වුව ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එකිනෙකට වෙනස් තාක්ෂණයන් භාවිතා කිරීම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරිවලට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරි වලට අවශ්‍ය වීම, ඒවායේ සම්ප්‍රේෂණ කුලුනු විවිධ ස්ථාන වල පැවතීම හේතුවෙන් ඒකාබද්ධ කිරීම අපහසු වීම ආදී හේතූන් මත එකී ආයතන ඒකාබද්ධ කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බව මේ වන විට හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තවදුරටත් ස්වකීය අනන්‍යතාව සහිත වෙන් වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස විධිමත් උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්මක් ඔස්සේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගනිමින් පවත්වා ගෙන යාම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ගුවන් විදුලි සංස්ථාව - රූපවාහිනිය වෙන් වෙයි

අරවින්ද මොණරවිල Wednesday, 11 June 2025 04:35 PM

මේක නම් බුද්ධිමත් තීරණයක් නොවෙයි වගෙයි පෙනෙන්නේ, පටිගත කිරිමේ මැදිරි හා සම්ප්‍රේෂණ කුළුණු වල නොවෙයි ප්‍රශ්නය තියෙන්නේ එකම සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ මෙන්ම නිවේදක නිවේදිකාවන් හා අනෙකුත් කාර්මික හා තාක්ෂණික ශිල්පීන් හුවමාරු කර ගැනීම හා ප්‍රවාහන කටයුතු සදහා වාහන භාවිතයේදී ද මෙන්ම වෙළද දැන්වීම් ක්ෂේත්‍රයේද මෙම ආයාතන ඒකාබද්ධ කිරීමෙන් වැඩි වාසි සහගතය තත්ත්වයක් ලැබෙනු ඇතැයි සිතන්නට පුළුවන්ය.

:       0       10

Bunny Preena Thursday, 12 June 2025 09:45 AM

ලබැඳියාවන් පිලිබඳ ප්‍රශ්නයක්වත්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site