(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මේ වන විට ගබඩා විවෘත කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.
වී මිල දී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් සියයට අටක පොලියක් යටතේ රුපියල් මිලියන 500ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කළ අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව වී අලෙවි මණ්ඩලය විසින් ණය පදනම යටතේ ලබාගත් මුදල වී අලෙවි කර ගෙවීමට කටයුතු කළ යුතුව ඇතැයි ද වී අලෙවි මණ්ඩලය ලාභ උපයා පෙන්විය යුතු යැයිද අමරවීර මහතා කීය.
වී අලෙවි මණ්ඩලය පසුගිය වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය බැංකුවලින් ගත් ණය මුදල අනුව තවත් රුපියල් මිලියන 24,000ක මුදලක් ගෙවීමට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලෙවි මව්ලානාට දුන්නා නම් හරි නෙ!
හැමදාම දාන ගොන්පාට් එක මෙදා පාරත් දානවා, අරලිය කාරයටයි නිපුන කාරයටයි කුණු කොල්ලයට වී ගන්න මූන් ගේම ගහනවා.
මෙයා මෙම අමාත්‍ය දුරය දරන්න සුදුස්සක්ද? පහුගිය කාලේ මෙයා කිව්වේ චන්ද තියන්න මුදල් ටික ගොවීන්ගෙන් වී ගන්න දුන්න නම් හොඳයි කියල. දැන් මුදල් ලැබුනට මෙයා කියනවා ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී දෙන්නෙ නෑ කියල. අවසානයේ චන්දයත් තියන්නත් බයයි, ගොවීන්ගෙන් වී ගන්නත් බැහැ. කාලයක් මෙයා කිව්වා ගොවීන්ගෙන් වී ගන්න මුදල් අමාත්‍යාංශයෙන් මුදල් දෙන්න නැහැ කියල සහ තෙල් සංස්ථාව ගොවීන්ට අවශ්‍ය ඉන්ධන දෙන්නත් නැහැ කියල. බලනවිට මෙයා මෙම අමාත්‍ය දුරය දරන්න කිසිසේත්ම සුදුසු නැහැ.