IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුවන් යානයේ වැසිකිළියක ’’රත්රන්’’ බෝම්බයක්

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වූ ගුවන් යානයේ වැසිකිළියක තිබූ කළු පැහැති පාර්සලයක් බෝම්බයක් යැයි සිතා ගුවන් ගමන නවතා, බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමේදී එය කිලෝ ග්‍රෑම් දෙකක් බරැති  රත්රන් පාර්සලයක් බව තහවුරු වීමෙන් පසුව එය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට බාර දී තිබේ .

ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා අද (10)  දින පස්වරු 01.35 ට  පිටත්ව යාමට ධාවන පථය වෙත ගමන් ආරම්භ කළේය .

එහෙත් එම ගුවන් යානයේ පසුපස වැසිකිළිය තුළ අයිතිකරුවෙකු නොමැති කළු පැහැති පාර්සලයක් ඇති බව එහි ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් සිය අවසන් පරීක්ෂණය තුළ දී සොයා ගෙන තිබුණි .

ඒ අනුව මෙම ගුවන් යානය ගුවන් ගත නොවී  ධාවන පථයෙන් ආපසු හරවා ගෙන ගුවන් තොටුපොළ වෙත අද පස්වරු 01.40ට පැමිණ තිබේ .

ඉන්පසුව මෙම ගුවන් යානයේ සියලුම ගුවන් මගීන් පිටතට බස්වා , ගුවන් යානය හුදෙකලා ස්ථානයකට රැගෙන ගොස් , බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමකට ලක් කර ඇති අතර , එහිදී මෙම පාර්සලය බෝම්බයක් නොව රත්තරන් පාර්සලයක් බවට තහවුරු කර තිබේ .

ඉන් අනතුරුව කිලෝ ග්‍රෑම් දෙකක් බරැති රත්රන් ක්‍රීම් වශයෙන් අඩංගු පාර්සලය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇති අතර මෙම පාර්සලයේ හිමිකරුවන් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැත .

මෙම ඉන්දීය ගුවන් යානය ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් යළිත් පස්වරු 04.43 ට  පිටත්ව ගියේය.



අදහස් (1)

ගුවන් යානයේ වැසිකිළියක ’’රත්රන්’’ බෝම්බයක්

Janaka Friday, 10 November 2023 08:33 PM

ඉතිං ඊට පස්සේ ඒ රත්රන් ටිකට දෙයියන්ගේ පිහිට ලැබුණාලු. කතාව ඉවරයි. අසා සිටි ඔබසැමට ඉස්කෝතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site