(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනාගතය ගැන තීරණය කරන්නට පෙර ගුවන්යානා මිලදී ගැනීමේ තේරුමක් නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුවන් යානා මිලදී ගන්නට පෙර ගුවන් සමාගමේ අනාගතය ගැන තීරණය කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

"මේක තියාගන්නවද? විකුණනවද?වහල දානවා ද?තීරණය කර පියවරක් ගනිමු. නැතිනම් අපිටයි බැනුම් අහන්න වෙන්නෙ  යනුවෙන්ද  රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.