IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුවන් මගීන්ගේ බෑග්වලට විද්ද සේවකයෙක් මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු , හොරෙන් විවෘත කර , ඒවා තුළ ඇති  භාණ්ඩ සොරා ගත්  ගුවන් තොටුපොළ  ගමන් මලු ගබඩා අංගනයේ සේවය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන  තිබේ .

මොහු මීගමුව , තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංශයේ සේවය කරන්නෙකි .

මොහු ඉකුත් 23 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන්ගේ ගමන් මලු , ගුවන් තොටුපොළ ගමන් මලු අංගනය වෙත රහසිගතව ඇතුළු වී , එහි තිබූ ගමන් මලු හොරෙන්  විවෘත කර , ඒවා තුළ තිබූ භාණ්ඩ සොරා ගන්නා ආකාරය , එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය තුළ සටහන් වී තිබේ .

මෙම කැමරා දර්ශන නිරීක්ෂණය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විමර්ශන අංශයේ නිලධාරීන් මොහු පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත ලබා දීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .



අදහස් (0)

ගුවන් මගීන්ගේ බෑග්වලට විද්ද සේවකයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site