IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගංවතුරෙන් උතුරේ පවුල් 18,585 ක් අවතැන්

(රොමේෂ් මධුෂංඛ)


උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන්  පවුල් 18,585 කට අයත් පුද්ගලයින් 60,345 දෙනෙකු විපතට පත්ව ඇතැයි  ජාතික  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.


පූර්ණ වශයෙන්  නිවාස 10 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 224කට හානි සිදුව ඇති  බවද ඔවුහු පෙන්වා දෙති.


මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10,332 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 34 ක රඳවා සිටිති.


මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 11,688 කට අයත් පුද්ගලයින් 38,534 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 7ක් සහ අර්ධ නිවාස 221 කට හානි සිදු වී විපතට පත පවුල් 2064 කට අයත් පුද්ගලයින් 6882 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 20 ක රඳවා ඇත.


උතුරු පලාතෙන් දෙවනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහිදී ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 6520 කට අයත් පුද්ගලයින් 20737 දෙනෙකු විපතට පත්ව ඇති අතර ආරක්ෂිත කඳවුරු 13 කදී පවුල් 1200 කට අයත් පුද්ගලයින් 3365 දෙනෙකු රඳවා ඇති බවට ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙයි.


අනතරුව මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 77 කට අයත් පුද්ගලයින් 281 දෙනෙකුද යාපනය දිස්ත්‍රික්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 273 කට අයත් පුද්ගලයින් 708 දෙනෙකුද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන මධ්‍යස්ථානය පවසයි.



අදහස් (0)

ගංවතුරෙන් උතුරේ පවුල් 18,585 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site