
(අංජුල මහික වීරරත්න)
NSBM හරිත සරසවිය සමඟ ඒකාබද්ධව පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලැබූ “Colombo Robotics Meetup 2025” වැඩසටහන NSBM හරිත සරසවි පරිශ්‍රයේදී පැවැත්විණි.
කෘෂිකාර්මික අංශයට රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඊට අදාළ නවීන තාක්ෂණය හඳුන්වාදීම මෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඒ සඳහා පෙළගැස්වීම අරමුණු කර ගනිමින් පැවති මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින්, සිසුන් සහ නව නිපැයුම්කරුවන් 200කට අධික පිරිසක් එක්ව සිටියහ.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් (Imperial College London) හි Morph Lab අධ්‍යක්ෂ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර, NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා සහ NSBM හරිත විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරු ඇතුළු අධ්‍යයන, කර්මාන්ත සහ රාජ්‍ය අංශයට සම්බන්ධ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා මහතා මෙහිදී NIRDC සම්බන්ධව හැඳින්වීමක් සිදු කළ අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය කාර්යක්ෂම කිරීම උදෙසා නව තාක්ෂණයේ වැදගත්කමද අවධාරණය කළේය. එමෙන්ම ඒ ආශ්‍රිත පර්යේෂණ වැඩිදියුණු කිරීම මගින් නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ දැක්ම වේගවත් කළ හැකි ආකාරය ද ඔහු පෙන්වා දුන්නේය.
නවීන කෘෂි තාක්ෂණය පිළිබඳ ඉදිරිපත් කිරිම් කිහිපයක්ද මෙහිදී සිදුවීම විශේෂත්වයකි.

2025 ඔක්තෝබර් මස 08
1919
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගොවිතැනටත් රොබෝ තාක්ෂණය එයි
Lace bug Saturday, 13 September 2025 07:12 PM
සාධාරන මිලකට, කෘෂි යෙදවුම් ටික බීජ ටික දීලා රිලවු, මොනරු, අලි වගා පාළුව පාලනය කරගත්තොත් මිස මොන Rocket science ගෙනාවත් ගොවිතැන ගොඩගන්නවා බොරු.