IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ගෙවුණු පැය 24 දී ඉතාලියේ මරණ 919 ක්

කොරෝනා වයිරසය හේතුවෙන් පැය 24ක් ඇතුළත ඉතාලියේ  මරණ 919 ක් සිදුව ඇතැයි එරට සිවිල් ආරක්ෂක ආයතනය සඳහන් කරයි.

මේ අනුව නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සමස්ත ගණන 9,134ක් දක්වා ඉහළ ගියේය.

ඉතාලිය තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පෙබරවාරි 21 වැනිදාය. මීට පෙර දිනක් ඇතුළත ඉතාලියෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ මාර්තු මස 21 වැනිදාය .

එදින වාර්තා වූ මරණ ගණන 793 කි.

කොරෝනා වයිරසය හේතුවෙන් මේ සතියේ සඳුදා ඉතාලියෙන් මරණ 602 ක් වාර්තා වූ අතර අඟහරුවාදා මරණ 743 ක් ද බදාදා මරණ 683ක් ද බ්‍රහස්පතින්දා මරණ 712 ක් ද වාර්තා විය.

ඉතාලියෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද 86,498ක් දක්වා ඉහළ ගියේය .

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙනි.

ඉතාලියේ කොරෝනා  වයිරසය ආසාදනය වූ 10,950 ක් මේ වනවිට සුවය ලබා ඇත .

කොරෝනා වයිරසය ආසාදනය වූ ඉතාලියේ 3,732ක් මේ වනවිට  දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

රොයිටර්

055



අදහස් (2)

ගෙවුණු පැය 24 දී ඉතාලියේ මරණ 919 ක්

de silva berlin Saturday, 28 March 2020 06:57 AM

අනිච්චවත සංඛාරා ! කොහොම වුනත් යුරෝපයේ රටවල් සියල්ල අපේ ශ්‍රමිකයන්ට වසද්දී අපට දොර ඇරපු රටක්. පසුගිය කාලේ අපේ ශ්‍රමිකයන් විසින් එවන ලද මුදල් සහ ඉතාලි ජාතික සංචාරකයෝ නිසා අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබුනා. එහෙ වැඩකරන අපේ මිනිසුන් කිහිප දෙනෙකුගේ (ඉතාලියේ සිටින ශ්‍රී ලන්කිකයගෙන් අති බහුතරයක් නීතිගරුක කඩිසර මනුෂ්‍යයන් ) නොමා වැඩ නිසා කොරෝන රෝගීන් කිහිප දෙනෙක් මෙහෙ බෝවුනත් ඉතාලිය අපේ මිතුරෙක් , ඔවුන්ට තුණුරුවන් සර‌ණෙන් මේ උවදුරෙන් ගැලවිලා සුවය ලබන්න කියලා ප්‍රාර්ථනය කරමු.

:       0       0

rasila Saturday, 28 March 2020 07:11 AM

ඉතාලියේ සමහර සෞඛ්‍ය නිලධාරින්ටත් කොරෝනා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 233 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 115 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 467 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site