(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල නිවාස, මහා මාර්ග, කුඹුරු හා වගා භූමි ජලයෙන් යට වීමත්, වැව් අමුණු හා ඇළවේලි විශාල ප්‍රමාණයක් කැඩී යාමත් හේතුවෙන් මහජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදු විය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2024-12-02 දින වන විට දිවයින පුරා දළ වශයෙන් කුඹුරු අක්කර 91,300 ක් පමණ පුර්ණ හානියට පත් වී ඇති අතර, කුඹුරු අක්කර 86,225 ක් පමණ අර්ධ හානියට ලක්ව ඇත.
ඊට අමතරව, සුළු වාරි මාර්ග 173 ක් පුර්ණ වශයෙන් විනාශ වී ඇති අතර, 1,148කට අර්ධ වශයෙන් හානි සිදු වී තිබේ. එසේම, නුවර එළිය දිස්ත්‍රික්කයේ පමණක් එළවළු වගා අක්කර 750ක් පමණ විනාශ වී ඇති බවට වාර්තා වී ඇත. තවද, හානියට පත් කුඹුරු වල නැවත මාස 2 1/2 හෝ මාස 3 වී ප්‍රභේදයන් හෝ සුදුසු කෙටිකාලීන භෝගයන් වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී සහ බීජ සපයා දීමට කෘෂිකර්ම දෙපාර්මේන්තුව විසින් කටයුතු කරමින් සිටී.
පවතින වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී වගාව සඳහා උපරිම වශයෙන් හොක්ටයාර 02ක් (අක්කර 05) දක්වා අක්කරයකට උපරීම් වශයෙන් රුපියල් 40,000/- හා හානි පූරණය ද, එසේම, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකුලුණු සහ සෝයා බෝංචි යන භෝග වර්ග 05 සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 01ක් (අක්කර 2.5ක්) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000/-ක හානි පුරණයක් ද, 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන වලින් ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු කරනු ලබන බව සඳහන් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගොවි වන්දි දෙන වැඩ පිළිවෙල කැබිනට් මණ්ඩලයට
Chathura Tuesday, 24 December 2024 11:06 AM
සැලකිල්ලට ගන්නා ලදී මිසක් තීරණයක් ගන්නා ලදී නෙමේද ????