( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කල්පිටිය අර්ධද්විපයේ ගොවි බිම් වල එළවළු අස්වැන්න අද ( 26 ) නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයට ලැබේමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන පාලනාධිකාරිය පවසයි.
කොරෝනා වසංගතයත් සමග රට පුරා ඇදිරි නීතිය දැමිමත් සමග දින 15 කට ආසන්න කාලයක් අස්වනු නෙළිමට නොහැකිව තිබු වගා බිම් වල එළවළු අස්වැන්න මේ වන විට ක්‍රමයෙන් වගා බිම් වලින් නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවති.
කල්පිටිය අර්ධද්විපයේ අක්කර දස දහසකට ආසන්න ( 10000 ) ගොවි බිම් වල මෑ , රාබු , මිරිස් , මාළු මිරිස් , බංඩක්කා , ගොවා , කරවිල , පතෝල, බිට්රුට් ඇතුළු එළවළු වර්ග රැසක වගා කර ඇති අතර එහි අස්වැන්න මිට සති කිපයකට පෙර සිට නෙළිමට තිබුනද රටේ පවතින තත්වය හමුවේ අස්වැන්න නෙළිම ප්‍රමාද වි විනාශ වු බවද ගොවිහූ කියති.
කෙසේ නමුත් මේ වන විට වගා බිම්වල අස්වැන්න නොරෝච්චෝල අර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතින අතර එසේ ලැබෙන එළවළු මිළදී ගැනිමට පැමිණෙන ජනතාව අතර ජනතාවට සහන මිලට ලබා දිමේ අරමුණින් රජයේ හා පළාත් පාලන ආයතන රැසක වාහන පැමිණ තිබෙනු දැක ගත හැකි විණි.





2025 දෙසැම්බර් මස 16
87
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
884
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
“ගොවි බිම් වල එළවළු අස්වැන්න නොරෝච්චෝල ආර්ථිකයට‘‘