(අංජුල මහික වීරරත්න)
ආසියා සංවර්ධන බැංකුව විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට නැවත අයකිරීමකින් තොරව ලබා දීමට පියවර ගත් මූල්‍ය ප්‍රතිපාදන ගොවි ගිණුම්වලට බැර කිරීම සඳහා අවශ්‍ය තොරතුරු නිවැරදිව ලබා නොදුන් ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම මුදල් ප්‍රතිපාදන ගොවි ගිණුම්ගත නොකිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙි සම්බන්ධයෙන් කරුණු විමසීය.
ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 800ක මුදලක් ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ලබා දුන්න ද ඒවා නිසි කලට වේලාවට ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන නොතිබූ බව මෙහිදී අනාවරණය විය.
මෙම ප්‍රමාදය නිලධාරින් පිරිසක් හිතාමතා සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පෙනී යන බව සඳහන් කළ ගොවිජන කොමසාරිස් ජනරාල් එච්. එම්. එල්. ඒ. අබේරත්න මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට එවා තිබු ගිණුම්වලින් සියයට 38ක් ම වැරදි ගිණුම් අංක බව සනාථ වී ඇති බවත්, ඒවා නිවැරදි කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 20 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් නැවත යෙද වූ බව ද සඳහන් කළේය.
එමෙන්ම එම ගොවි ගිණුම්වලින් සියයට අටක අංක තවමත් නිවැරදි කර ගැනීමට නොහැකි වී ඇතැයි ද ඒ සදහා උපරිම උත්සාහ දරන බව ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පො තමයි
ගොවිජන මධ්‍යස්ථානවල සියයට 99ක් පමණ ඉන්නේ පොහොට්ටු ක්‍රියාකාරීන් තමයි කෘපනිසලා සඳහා විනයානුකූලව කටයුතු කරන්න පෙර ඔවුන් පත්කිරීමට නිර්දේශය ලබාදුන් දේශපාලුවන් සඳහාත් කෘපනිසලා වෙනුවෙන් සේවා ව්‍යවස්ථා සැකසීම කළ නිලධාරින් වෙනුවෙනුත් මුලින්ම විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ අඩුම තරමින් කිසිදාක කුඹුරේ නියරක අඩියක් නොතැබූ නියරක අඩි දහයක් නොගිය කෘෂිකර්ම විෂය නූගත් දේශපාලන හිතවතුන්ට පත්වීම් නිර්දේශ කළ අයටත් කොළඹ වගේ නාගරික ප්‍රදේශ සඳහා කෘපනිසලා පත්කිරීම කළ නිලධාරින් සඳහා අනිවාර්යයෙන් විනයානුකූලව දඬුවම් කළ යුතුයි...