
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම් ජනාධිපතිවරයා ද ගල් අඟුරු වංචාවට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (2) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද අදහස් දැක්වීය.
”මේ ආණ්ඩුවේ ප්රතිපත්තියත් පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වගේමයි. පොකට් ගහන එක්කෙනා පික්පොකට් එක ගහලා මෙන්න හොරෙක් මෙන්න හොරෙක් කියලා දුවනවා. ඉතින් ගමේ හැමෝම විදියේ හැමෝම පික්පොකට් කාරයා පස්සේ දුවනවා හොරා අල්ලන්න. බලද්දී පික්පොකට් එක ගහලා තියෙන්නේ අනිත් කෙනාට හොරා කියපු කෙනා. මේ අණ්ඩුවත් අන්න එහෙම තමයි. අපි හැමෝම දකිනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ජනාධිපතිවරයාගේ හැම ප්‍රකාශයක්ම ජනාධිපතිවරයාගේ හැසිරෙන විදිය බැලුවම සහ ඔවුන්ව ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගන්න හැම ක්‍රියා කලාපයක්ම බැලුවම පැහැදිලි වෙනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා.
ඔය කියන පුද්ගලයා මේ රටේ ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති කාලයේ අමාත්‍යාංශයට ගේන්නේ. ඉතින් ඒ ගෙනල්ලා පසුකාලීනව ඔහුට දැන් අධි චෝදනත් ලැබිලා තියෙනවා කරපු වංචාවක් සම්බන්ධයෙන්. ඒ හා සමාන වංචාවක් දැන් ගල් අඟුරු ගෙනල්ලත් සිද්ධ කරලා තියෙනවා. ඉතින් කලින් ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න විට රජයේ ඉහළ තනතුරකට පත් කරලා පසුකාලීනව අධි චෝදනාවත් ලැබිලා දැන් ඔහුව කැබිනට් ඇමතිවරයෙක් කරලා බාල ගල් අඟුරු ගෙනල්ලා තවදුරටත් ඔහුව ආරක්ෂා කරනවා නම් ජනාධිපතිවරයාට මේක බැලූ බැල්මට වංචාවක් ලෙස පේන්නේ නැත්නම් පැහැදිලිවම මේ වංචාව පිටුපස්සේ ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති අනුර දිසානායක මහත්තයා” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙච්චර දෙයක් වෙලා තියෙනකොට මේකට විරුද්ධව නඩුවක් දාන්නේ නැත්තේ?
තමුන්ලා තරම් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරපු උන් ලොවෙත් නැතුව ඇති.සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ පට්ට හොරු කියලා අදිකරණයෙන් පවා වරදකරුවන් වෙලා ?
මෝඩ බේබි. අනුර ජනාදිපතිට. උබලට වගෙ ගල් අගුරු හොරාකන්න ඕන නැහැ. ඒ වගෙතුන්ගුනයක් දෙනවා. මුදල් ප්‍රශ්නයක් තිබුනා නම්. පිටරට ඉන්න ජනතාව. උබ බලන් ඉන්නෙ. මාලිමාව හොරා කනකම් ඒක කවදාවත් වෙන්නෙ නැහැ. නාකිමයිනා. පොලොද ඉබලා. පොඩි දරුවෝ වඩාගන. හුරතල් වෙවි. සේරම හොරාකෑවෙ වටවෙලා. දැන් ඔය එන්නෙ එලියට. එකාඑකා. උබටත්තියෙනවානේ. මිමැරුම් හොර දුශන නඩු. උබ කොහොමද රෙද්දක් ඇදගන. පාර්ලිමේන්තුවට එන්නෙ හොර තක්කඩියා. උබ ඉන්න ඕන හිර ගෙදර. ඉස්සර හිරේ ගියෙ මෙට්ට අරගන. දැනුත්පුලුවන්නම් මෙට්ට ඉල්ලන් වරෙන්. කුලීගෙවල් වල හිටපු උන් දැන් ඉන්නෙ උපතින් පොහොසත්තු වගෙ. කෝඅර කොට කලිසම බටනයිලෝන්. උඩටමුකුත් නැහැ. එහෙම හිටපු එකෙක් උගත්කමින් හම්බ කෙරුවානම් නම්බුයි සේරම රටේ මුදල්. නාකි මයිනා තවත් විදවනවා පව් පුරෝ ගන්න. කුනුවෙලා දිරනකම්ම හුස්ම ටික තියෙයි
රටක් හොරකමින් වංචාවෙන් හොර කාලා, මේ රට නැත්තටම නැති කරපු රාජපක්ෂ පරපුරේ ලාබාල හොර පෙරකදෝරුවා කියන්න දෙයක් හොයාගෙන...