
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු නෞකා තුනක ගල් අඟුරු සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා එම ආනයන කටයුත්තට සම්බන්ධවූ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැදවීමට තීරණය කර ඇත.
එමෙන්ම නෞකා තුනෙහි ගල් අඟුරු සම්බන්ධ ප්‍රමිති වාර්තා සහ අවසන් වරට පැමිණි නෞකාවේ ගල් අඟුරුවල තත්වය සමබන්ධයෙන් මෙරට පරීක්ෂණාගාරවලදී කළ පරීක්ෂණවලට අදාළ වාර්තාද යොමු කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු නෞකා තුනක ගල් අඟුරු සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝව කරුණු සලකා බලන ලදී. කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.
කාරක සභා රැස්වීමට බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු සහ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ නිලධාරීහු පිරිසක් කැඳවනු ලැබ සිටියහ. අවසන් වරට මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු වල ප්‍රමිතියේ ගැටලුවක් මතුව ඇත්දැයි කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය.
ගල් අඟුරු නෞකා තුනක සාම්පල තත්ව පරික්ෂා කිරීම සඳහා ඉන්දියාවට යොමු කර ඇති බවත් එම වාර්තා පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි බවත් නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීල හිටියෙත් නීතිය අතට අරගෙන. දැන් හොරකම්, කුඩු ජාවාරම්, වැරදිකරල බේරෙන්න අමාරුයි