IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගැලිහේන කලපුවේ අතුරුදන් වු ධීවරයාගේ සිරුර සොයා ගැනේ


හලාවත ගැලිහේන කළපුවේ  ධීවර කටයුතුවල නියැලෙමින් සිටියදී අතුරුදන් වු පුද්ගලයකුගේ මළ සිරුර නාවික හමුදා කිමිදුම් අංශය  සොයාගෙන තිබේ.
 
 
ධිවර කටයුතුවල නියැලෙමින් සිටියදී    මෙම පුද්ගලයා අතුරුදන් වී ඇති අතර  හලාවත පොලීසිය කළ දැනුම් දීමකට අනුව පැමිණි නාවික හමුදා කිම්දුම් කණ්ඩායම  පැය 05 කට අධික කාලයක්  කළපුවේ කළ මෙහෙයුමකින් අනතුරුව මෙම සිරුර සොයාගෙන ඇත.
 
  මිය ගොස් ඇත්තේ හලාවත ගැලිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


  පසුගිය  11 වැනිදා  මොහු අතුරුදන් වී ඇති අතර ඊයේ (12)    සිරුර සොයා ගෙන ඇත.


නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරීන් 6 දෙනකු  මේ සඳහා සහභාගී වු අතර  හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

(36698) 



අදහස් (0)

ගැලිහේන කලපුවේ අතුරුදන් වු ධීවරයාගේ සිරුර සොයා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site