IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගල්ලෑල්ල යළි යට වේ

(නිමල් ජයරත්න)

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාරගැලීමෙන් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය දෙවන වරටත් ස්ථාන කිහිපයකින් යටවීම නිසා ගමනා ගමනය  සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි පොලොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කියයි. 

පොලොන්නරුව මඩකළපුව මාර්ගය  අඩි 3 ක් පමණ ජලයෙන් යටවී ඇත.

දින දෙකක කාලයක් තිස්සේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යෑමත් සමග එහි වාන් දොරටු දහයම අඩිය බැගින් 10 වෙනිදා සවස් වන විට විවෘත කිරීමට සිදුවන බවද පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකර සහකාර අධ්‍යක්ෂ රංජිත් සමරකෝන් මහතා අප කළ විමසීමකදී පැවසීය.

මොරගහකන්ද ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙන අතර ඉන් තප්පරයට ගණ අඩි 1050ක ජලධාරිතාවයක් මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් මහවැලි ගග පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වය පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවදා කළමනාකරන කාර්යාලය පවසයි.

ගල්ලෑල්ල ප්‍රදේශය සහ මනම්පිටිය නගරයේ ත්‍රීරෝද රථයක් ට්‍රැක්ටර් රථයකින් පටවාගෙන යෑමේ කුලය ලෙස රුපියල් 3,000 ක මුදලක් සහ යතුරුපැදියක් පටවාගෙන යාමට රුපියල් 1000 ක මුදලක් ලබාගන්නා බවද ගංවතුරට කොටුවූ පිරිස් සඳහන් කරති.

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමග මනම්පිටිය දුම්රිය ස්ථානය අසල සහ මනම්පිටිය නගරයේ දැඩි වාහන තදබදයක් පවතී.

 



අදහස් (1)

ගල්ලෑල්ල යළි යට වේ

Bamunuarachchi Thursday, 11 January 2024 04:23 AM

ගල්කුරු ටික වත් පරිස්සම් කරගමු.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site