IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගාල්ල - වැලිගම වසම් 10ක සංචරණ සීමා ලිහිල් කෙරේ

 

(ජේ.කේ.එල් චාමින්ද)
 
ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 5ක  සංචරණ සීමා ලිහිල් කිරීමටත්, අනික් ග්‍රාම නිලධාරි වසම් 3 තුළ දැඩි සංචරණ සීමා පැනවීමටත් අද (18) පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ්  මෙහෙයුම් කමිටුව තීරණය කළ බැව්  දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.
 
එමෙන්ම වැලිගම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක් සදහා පනවා තිබු සංචරණ සීමා ලිහිල් කිරීමට තීන්දු කළ බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 
දකුණු පළාත් ආණ්ඩුකාර  ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස් මත ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව මගින් මෙම තීන්දුව ගත් බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
 
ඒ අනුව තලාපිටිය, කටුගොඩ හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරි වසම් සදහා තවදුරටත් දැඩි සංචරණ සීමා පැනවීමටත්, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දේද්දුගොඩ දකුණ, මකුළුව කොන්ගහ යන ග්‍රාම නිලධාරි වසම් සදහා  සංචරණ සීමා ලිහිල් කිරීමට එහිදී තීරණය කර තිබේ.
 

කොවිඩ් කමිටුව ලබුදුව දක්ෂිණපායේ දි පැවැත්විණි.



අදහස් (0)

ගාල්ල - වැලිගම වසම් 10ක සංචරණ සීමා ලිහිල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site