IMG-LOGO

ගාල්ලේ රෝහල් කිහිපයකම ඉන්සියුලින් නෑ

ජී.ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා

ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් කිහිපයකම දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ප්‍රතිකාරකය ප්‍රතිකාර කටයුතු සඳහා නොමැති බව අද (02) පැවැති දකුණු පළාතේ කොරෝනා වයිරස තත්ත්වය මර්ධනය සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී අනාවරණය විය.

විශේෂයෙන් මෙම ප්‍රතිකාරකය ඇල්පිටිය මූලික රෝහලේ නොමැති බව දකුණු පලාත් කෘෂිකර්ම, වාරිමාර්ග, ආහාර බෙදාහැරීම් සැපයුම, සමුපකාර අමාත්‍යාංශ ලේකම් ඒ යූ වේලාරත්න ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේ දී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ප්‍රකාශ කර සිටියේ කොළඹ වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉන්සියුලින් බෙදාහැරීමේ ප්‍රමාදයක් පවතින හෙයින් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා ව්‍යාප්තිය අවම කර ගනිමින් හා අත්‍යවශ්‍ය සේවාවන් බිඳ වැටීම වලක්වා ගනිමින් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විණි.
 



අදහස් (5)

ගාල්ලේ රෝහල් කිහිපයකම ඉන්සියුලින් නෑ

ඩොක් Thursday, 02 April 2020 02:50 PM

ගාල්ලේ විතරක් නෙමේ... ලංකාවෙම ඉස්පිරිතාලවල දැන් මාස දෙක තුනක ඉදන් ඉන්සියුලින් නැහැ.

:       0       848

satana Thursday, 02 April 2020 06:06 PM

ඉන්සුඉලින් නැති වුනොත් සතියකට දහස් ගණනක මරණය සිදුවෙන්න පුළුවන්..., කරුණාකර රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශය දිනකට පැය 12 වත් විවුර්තව තබන්න. රෝගීන්ට 119 එකට කතාකරල රෝහලට යන්න විශේෂ අවසරයක් ලබාදෙන්න කටයුතු කරන්න. බෙහෙත් ලබාදෙන එක රෝහල් හරහා ක්‍රියාත්මක කරන්න. රටේ තිබෙන පුද්ගලික රෝහල්ද තවකාලිකව රජයට පවරාගෙන මහජනයාට සේවය කරන ක්‍රමයක් සකසන්න. ඇදිරිනීතිය නිසා අපේ ආදායම් මාර්ග ඇහිරිලා සල්ලි තිබුනත් අත්‍යවශ්‍ය දෙයක් මිලදී ගැනීමට තිබෙන අවස්ථාව සිමා වෙලා... පුරවැසි අපි දිනෙන් දින මානසික ආතතියට සහ ශාරීරිකව පහලට වැටෙනවා. රූපවාහිනියේ එක එක සහන සහ දීමනා ගැන කිවත් ගම්වල අපට රුපියල් 100 පාලන මිලකට සමන් ටින් එකකෙවත් දෙන්න අද වෙනතුරුත් ආණ්ඩුවට බැරිවෙලා.... මාධ්‍ය සාකච්චා තිබුනට වැඩක් නැහැ , කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් , මේක චිනේ වගේ කොමියුනිස්ට් රටක් නොවේ , අපට බොරු පොරොන්දු දුන්නොත් අපි ඔබල 2015 කෙරුව වගේ අනිවාර්යයෙන්ම ගෙදර යවනවා ,

:       3       1256

ass charyaFriday, 03 April 2020 04:51 AM

බොරු පොරොන්දු දුන්නොත් නෙමෙයි දෙන ඔක්කොම බොරු පොරොන්දු තමයි. ණය වාරිකේ කපන්නේ නැහැ කියල පහුවදා පඩිය වැටිලා මැසේජ් එක එන්නත් කලින් ණය වාරිකේ කපල මැසේජ් එක ආව.

:       0       2

chandima Thursday, 02 April 2020 07:34 PM

කලබල වෙන්න එපා වෙලාවේ හැටියට කොතල හිඹුටු ටිකක්, තෙබු කොළ ටිකක්, තම්බල බිල පණ ගැටගහ ගන්න. ඉන්සුලින් හොයන්න එලියට ගියොත් කොරෝන හැදිලා ඉක්මනටම මැරෙන්න වෙනවා. වත්තේ ගස්ලබු ගහක්වත් හිටුවාගෙන නැතිද? දැන්වත් ගස්ලබු පැළයක්, තෙබු වැලක් කාරිය ඉන්දගන්න.

:       0       1

Mohammed Ramzy Friday, 03 April 2020 03:32 AM

ගාල්ලේ පමණක් නොවේ අනිකුත් පතිවලත් හිගයක් තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site