(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ එච් වාට්ටුවේ සිදු කරන ලද සෝදිසියකදි රැදවියන් ලඟ තිබු ජංගම දුරකතන තුනක් චාජර් හතක් බැටරි පහක් ඇතුළු උපාංග රැසක් අද (1) සවස සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
මේ අතර ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ පසුගිය මාස තුන ඇතුළත පමණක් ගාල්ල බන්ධනාගරය තුළ තිබි ජංගම දුරකතන 546ක් සොයාගෙන ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකථන 546ක්. ජේර්ල මේ ගැන මොනවත්ම දන්නෑ. ඒ අයගේ කිසිම සම්බන්ධයක් නෑ. ෆෝන් ඉබේටම මුරපොලවල් හරහා එන එක නවත්තන්න ඕනෑ. මේවාට බිත්ති හරහා යන්නත් පුළුවන්...