IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරයි

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද කඩා ඉවත් කිරිමට පියවර ගත්තේය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය 2023.03.16 වැනිදින වෙළඳසල් හිමියන්ට ඉවත්විමේ නියෝගය නිකුත්කර එම දේපලෙහි භුක්තිය කඩවත් සතර ප්‍රාදේශිය ලේකම්වරයාට බාර දෙන ලෙස නියෝගකර ඇත.

එහෙත් වෙළඳසල් හිමියන් ඉවත් නොවි සිටිම නිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය සහ නියෝජ්‍ය පිස්කල්වරිය පැමිණ මෙසේ කඩා ඉවත් කිරිමට පියවර ගන්නා ලදි.

වෙළඳසල් හිමියන් බොහෝ දෙනෙකු අද (27) රාත්‍රියේ සියලුම භාණ්ඩ ඉවත්කර ගෙන තිබු අතර සමහර වෙළඳසල් හිමියන් අද උදැසනද භාණ්ඩ ඉවත් කර ගත්තේය.

භාණ්ඩ ඉවත්කර ගෙන ඉබි යතුරු දමා තිබු වෙළඳසල් වල ඉබි යතුරු නගර සභාවේ සේවකයින් විසින් කඩා ඉවත් කිරිමට පියවර ගනු ලැබිය.

මෙම අවස්ථාවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබිණ.



අදහස් (4)

ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරයි

Devinda Friday, 27 December 2024 11:09 PM

අයියෝ, ගාල්ල npp දිනුවා කිව්වා නේද? හා හා එළකිරි හොඳ වැඩේ...

:       7       45

Deepthika Saturday, 28 December 2024 12:00 PM

නගරයේ ලස්සන කරන්න. එය ඉතා වටිනවා.

:       20       10

GAMA VARESE Saturday, 28 December 2024 06:09 PM

අහන්න ඕන එක දෙයයි. දැන් සැපද?

:       2       24

[email protected] Sunday, 29 December 2024 10:09 AM

ඕවා ගෝඨාභය කරපු කාලේ ජෙප්පෝ තමයි මුලිම පාරට බස්සේ. අපි කියන්නෙත් රට අලන්කාරය කරන්න ඕනා කියා තමයි. ඒ උනත් ජෙප්පෝ කියන්නේ අරිම කුහුක පිරිසක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site