(ඩී.ජී.සුගතපාල)
පසුගිය ජනාධිපතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ සහ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සඳහා සපයන ලද විදුලිය වෙනුවෙන් අයවිය යුතු රුපියල් 9, 700,000ක විදුලි බිලෙන් මේ වනවිට දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය ගෙවාඇත්තේ, රුපියල් 700,000ක් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.
එම මධ්‍යස්ථාන සඳහා සපයන ලද තාවකාලික විදුලිය වෙනුවෙන් මෙම මුදල අයවිය යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එස්.එස්.කහඳ මහතා පැවසීය.
සිහි කැඳවිම් කිහිපයක් යවා ඇතත් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් මෙතෙක් එම මුදල ලැබී නැති බවද ඒ මහතා කීය. ජනාධිපතිවරණ සමයේදී සති දෙකක පමණ කාලයක සිට අමතර කම්කරුවන් සහ නිලධාරින් යොදවා විදුලි රැහැන් ඇද විදුලි බුබුළු සවිකළ බවත්, විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර ගෙනෙන ලද බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතාගෙන් විමසූවිට කියාසිටියේ රුපියල් 9,000,000ක්ව පවතින හිඟමුදලද රජයෙන් ලැබුණු පසු ගෙවන බවයි.
2025 නොවැම්බර් මස 04
384
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ලේ ඡන්ද මධ්‍යස්ථානවල ලක්‍ෂ 90 ක හිඟ විදුලි බිලක්
සෙනෙවිරත්න Sunday, 19 January 2020 09:19 AM
හපොයි මෙච්චර බිලක්? විදුලිය අනුභව කළාද ඒ මහත්වරු ?
පුකේ අමාරිස් Sunday, 19 January 2020 10:18 AM
මැතිවරණ කොමසාරිස්ගෙන් ඕක අය කරගත්තා නම් හරි.
මුණසිංහ Sunday, 19 January 2020 11:15 AM
නිලධාරීන්ට ගෙවිය යුතු ඡන්ද රාජකාරී මුදල් තවම ගෙවලා නැහැ.
සත්‍යපාල Sunday, 19 January 2020 01:10 PM
විදුලි බල මණ්ඩලයේ වැඩ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කොහොමද දන්නේ නැහැ ගණන් හදන්න ඇත්තේ?
De Sunday, 19 January 2020 02:09 PM
දැන් මේවත් අපිද ගෙවන්න ඕනේ.. අපි ඡන්දෙ ඉල්ලුවේත් නෑ. අනේ ආයේ අපිට ඡන්ද එපා !!! අන්තිමට ජනතාවට ගෙවන පව් මදිවට ණයත් ගෙවන්න වුණාවත්ද දෙයියෝ?
bandeer Sunday, 19 January 2020 04:09 PM
මේ රුපියල් 97ලක්ෂයක් කියන්නේ බල්බ් 97දාහක් දාලා නෙමේ. වැඩිම වුණොත් බල්බ් 1000ක් දාන්නා ඇති, ඒවාට සුපිරිගණන්... බල්බ් එකක් දාන්න රුපියල් 10,00ක් විතර යන්න ඇති, මේවා තමයි කලුකඩේ...
මුණසිංහMonday, 20 January 2020 12:58 AM
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට විදුලි සැපයුම පිළිබදව අවබෝධයක් නැති පාටයි. දැන ගන්නත් එක්ක ටිකක් සොයා බැලුවොත් හොදයි! සාමාන්‍ය දැනීමටත් වැදගත්!