(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)

හදිසි අනතුකරට ලක්වූ රෝගියෙක් රෝහලට රැගෙන එමින් තිබූ 1990 හදිසි ප්‍රතිකාර සේවා ගිලන් රථයක යතුරුපැදියක්  ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් මියගොස් ඇතැයි පනාමුර පොලීසිය පැවසීය.

ඇඹිලිපිටිය පනාමුර පාරේ ගලමඩ හන්දියේ දී ඊයේ (28)  සවස   මෙම අනතුර සිදුව තිබෙන බව පනාමුර පොලිසිය පැවසුවේය.

අනතුරින් මියගොස් ඇත්තේ කොළොන්න, කෑල්ල ලිපිනයේ එන්. නන්දනී ද සිල්වා නැමැති නස් හැවිරිදි එක්දරු මවක් මෙසේ මියගොස් ඇති බවද පොලිසිය පැවසුවේය.

කොලොන්න ජඳුර ප්‍රදේශයේ දී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරොද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණි.

එම රෝගියා කොළොන්න පොලීසියට අනුයුක්ත කර ඇති 1990 ගිලන් රථයෙන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රැගෙන යද්දී යතුරුපැදිය එහි ගැටී තිබේ.

ත්‍රිරෝද රථයකට යතුරු පැදිය ඉස්සර කිරිමට යාමේදී 1990 ගිලන් රිය දැක කලබලයට පත් පැදිකරුට එය පාලනය කරගත නොහැකිව ගිලන් රථයේ ගැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලීසිය පැවසුවේය. යතුරු පදිය පදවා ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියාය.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලු කර තිබේ. ඇය මියගොස් ඇත්තේ එහිදී ය. 1990 ගිලන් රථයේ රියදුරු පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පනාමුර පොලීසියේ රථවාහන අංශය පරීක්‍ෂණ පවත්වයි.