
( ජේ.ඒ.එල්.ජයසිංහ)
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයෙකු විසින් තමන්ට බාර දුන් බව කියන ලියාපදිංචි නොකරන ලද එකලස් කරන ලද සුපිරි ජීප් රියක් ලඟ තබා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියේ විශේෂ විමර්ශණ අංශය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද මහත්මිය හමුවට ඉදිරිපත් කරන ලද මහනුවර සුප්‍රසිද්ධ දේවාලයක දේවගැතිවරයෙකු නොවැම්බර් මස 11 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් තුමිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ගාමීණී ආනන්ද යන අයෙකි.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතාගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශණ ඒකකය මඟින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්‍යා විශ්වාසකයින් දැන්වත් තේරෙනවද ඔබලගේ අන්ධභාවේ ප්‍රයෝජන ගැන ඇත්ත මොනාද කියලා.
හොර බොරු වංචාවෙන් රටම විනාස කරපු හැතිකරේ ඕකුන්ව ඇතුලේම තියන්න. සමාජයට පිළිකුලක් ඕකුන්.
කපුවා කපෝති…
ලේසි වෙන්නෙ නෑ මේ පාරනං, දෙවියො කෝපවෙලා පොළොවට ප්‍රාදූර්භූත වෙලා, මේ කපුවා බේරගෙන වඩිනවා, නියතයි...!
කර්මය කියන දේ විශ්වාස කරන ඇත්තෝ විශ්වාස කරත්වා. මිනිසුන් මහන්සියෙන් හම්බකරගන්නා ධනය හුරාගෙන කෑ මෙවැනි අපතයින්ට ප්‍රසිද්ධිය ලබා දුන් EAP පවුලට මුලින්ම කෙළ වුණා. එලෙසින්ම දුප්පත් මිනිසුන්ගේ දුක වවාගෙන කෑමට මිත්‍යාව තුළින් මිනිසුන් රවටා මුදල් ගැරූ මේ අපතයාට කෙලවීමේ ආරම්භය මෙය විය හැකිය. නයි මගින් ප්‍රසිද්ධිය ලබා දුන් මෙවැනිම අපතයෙක් නිදි ඇඳේම මියැදුණා. නයි සහ අනුබද්ද හොර ව්‍යාපාර සමූහයේ කෙළවීමද ධර්මය සහ කර්මයට අනුකුලව ළඟදීම සිදුවනු ඇත.
කපුවාත් කපෝතියි.
දේව වරමකින් බැරිද එලියට ඇවිත් නඩුවෙන් නිදහස වෙන්න ?
මිත්‍යාව දුරු කරන්න පුළුවන් හොඳම පිරිස තමයි මහා සංඝරත්නය