(චමින්ද වැවතැන්න)
ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රනත් පත්ම ශාන්ත මහතා කෝවිඩ් - 19 වයිරසය ආසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
කෑගල්ල ගලිගමුව අඹන්පිටිය ග්‍රාමයේ පදිංචිව සිටි රනත් පත්ම ශාන්ත මහතා 54 හැවිරිදි දෙදරු පියෙකි.
ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කලක සිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු ඇති වෛද්‍යවරයා ඔහුගේ බිරිද ද කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරියකි.
කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඉකුත් 04 දා පේරාදෙණිය මහ රෝහලට ඇතුළත් කර කොවිඩ් 19 හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වෛද්‍යවරයා එන්නත් දෙකම ගත් අයෙක් නේද. එනිසා එන්නත ගත්තත් දිගටම මිනිස්සු පරිස්සම් වෙන්න. එසේම ජනතාවට සේවයක් කල මේ වෛද්‍යවරයාට නිවන් සුව පතමු.
හරිම කණගාටුදායක ප්‍රවෘත්තියක්.. මෙතුමාට නිවන්සුව ලැබේවා..!!!