
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම් ධර්මපාල)
සුදුවතින් සැරසී පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සූසාන භූමිය තුළදී එහි මුරකරුට වෙඩි තබා බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි.
තුවාල ලද පුද්ගලයා සූසාන භූමිය තුළ කිසියම් රාජකාරියක නිරතව සිට අනතුරුව අවමංගල්‍ය සඳහා පාංශකූල ලබාදෙන ස්ථානයට පැමිණ සිටියදී ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු එම යතුරු පැදිය මුසාන භූමිය ඉදිරිපිට නවතා තබා ආරක්ෂක ඉස්පැසුම්ද පැළඳ මීටර් විස්සක් පමණ පා ගමනින් එම පුද්ගලයා සිටි ස්ථානයට පැමිණෙයි ප්‍රහාර කීපයක් එල්ල කර පා ගමනින් ගොස් යතුරු පැදියේ නැඟ පලා ගොස් ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රුධි ප්‍රවාහනය එල්ල කරන අවස්ථාවේදී එම ස්ථානයේ සූසාන භූමියේ සේවකයන් දෙදෙනකුද රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.
එල්ල කළ වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ වම් අතට සහ පපු ප්‍රදේශයට එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙඩික්කරුවන් නයින් එම්. එම්. වර්ගයේ ගිනි අවිකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ජාවාරම්කාරයො අයිස්, කුඩු හංගනවා. මේ සිද්ධිය ඒකට සම්බන්ධ එකක් වෙන්න පුළුවන්.
පුද්ගලික කෝන්තරයක් විය යුතුයි.