
(ගයාන් සූරීය ආරච්චි)
ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පෙදරේරු රැකියාවේ නියුතු පුද්ගලයෙකි.
දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝ විට අසංක සහ කවිඳු ධනංජය නොහොත් සැන්ඩා නැමැති අපරාධකරුවන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනා රත්මලාන ප්‍රදේශයේ කුලී නිවසක රඳවාගෙන එම ඝාතනය සඳහා ගිනි අවිය සහ යතුරුපැදිය ලබා දී තවත් යතුරු පැදියකින් පැමිණ සැකකරුවන්ට මාර්ගය පෙන්වාදී ඇතිි බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝ විට අසංක සහ කොස් මල්ලි නැමති සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගල්කිස්සේ වෙඩි තැබීමට ගිනි අවිය දුන් අය අත්අඩංගුවට