
(ගයාන් සූරියආරච්චි)
ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා වෙඩි ඝාතනය ලක්ෂ 10 කොන්ත්‍රාත්තුවක් මත සිදු වූ බවක් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ 19 හැවිරිදි තරුණයා වෙඩික්කරුවන්ගෙන් බේරීම සදහා මාර්ගය දිගේ දිව ගොස් වෙරළ පාර ප්‍රදේශයේදී ෙදිවයාමට නොහැකිව නතර වූ අවස්ථාවේ වෙඩික්කරුවකු ඔහු අසලට පැමිණ වෙඩි තබා යතුරුපැදියෙන් පලා යන අයුරු ද සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී තිබුණි.
ඒ අනුව පොලිසිය දිගටම විමර්ශන සිදුකර තිබූ අතර එම ඝාතනයට ලක්වූ තරුණායගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවත් ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම තරුණයාට වෙඩි තබන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවගේ වරදට පුතා ජීවිතයෙන් වන්දි ගෙවයි. බුදුන් දේශනා කල සම්මා කම්මන්ත
අයියෝ ලක්ෂ දහයක් කියන්නේ පිටරටක පඩියටත් වඩා අඩුයි ගොඩක් වෙලාවට. සල්ලි නැතිනම් මිනී මරන්නේ නැතිව පිටරට පලයව්. මොන මගුලක්ද! මනුස්ස ජීවිතයක් කෝටි ගාණකටවත් ආපහු ගන්නද මිනිහෝ?
තරුණයාගේ නව හෝ තරුණයාමත් කුඩු ජාවාරමට සම්බන්ධ උනත් ඔහුට දඩුවම් දිය යුත්තේ රටේ පවතින නීතිය අනුවයි. අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් එය සිදු විය යුතුය. කෙනෙකුගේ ජීවිතයට හානි කිරීමකට කිසිවෙකුට කිසිඳු සදාචාර අයිතියක් නැහැ.
සියලුම ඝාතන මත්ද්‍රව්‍ය නිසා කියලා කියන ආණ්ඩුවක් මොකටද? රටේ ලොකු පුටුවේ මාධ්‍ය ප්‍රකාශකයන් වාඩි කරලා තියන්න ඕනේ!