(දයාරත්න ඇඹෝගම)
මහනුවර,යාපනය ඒ 9 මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදි පසුගිය 25 වැනිදා රාත්‍රියේදී 29 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු සැකපිට අත්අංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අංගුවට ගෙන ඇත්තේ ගල්කුලම,සියඹලාගස්වැව,කුරැන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 26ත් 29 අතර වියේ පසුවන පුද්ගලයන් පස් දෙනෙකි.
ගල්කුලම, සියඹලාගස්වැව පදිංචි දිසානායක සසිදු ජීවන් දිසානායක (29) නොහොත් අක්කර පනහ මර්වින් යන අය සිය මිතුරෙකුගේ යතුරැ පැදියෙන් පසුගිය 25 වැනිදා තිරප්පනය නගරය දෙසට යමින් සිටියදි නාදුනන තුවක්කුකරැවෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබු බව පොලිසිය කියයි.
එම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා යතුරු පැදියද එම ස්ථානයේ දමා මීටර් පන්සීයක් පමණ දුරින් පිහිටි ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ත්‍රී රෝද නැවතුම්පල වෙත පැමිණ බිම ඇද වැටිමෙන් අනතුරැව එම ස්ථානයේ සිටි පිරිස 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබුණි.ඔහු මේවන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිසිය විසින් සිදුකළ විමර්ශණයේදි වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයා ගමන්ගත් යතුරැ පැදියත් වෙඩික් කරැවන් පැමිණි බව කියන යතුරැ පැදියකුත් කවරක්කුලම ප්‍රදේශයේ තිබියදි පොලිසිය සිය බාරයට ගෙන තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගල්කුලමේ වෙඩි තැබීමට 5ක් අල්ලයි