(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් පුරා දින 24 ක් අඛණ්ඩව විරෝධතාව පැවැත්වෙන ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසළ වේදිකාවක් ඉදිරිකිරීම වැලැක්වීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකය අද (2) පස්වරුවේ කැඳවීය.
කෙසේ වෙතත් විරෝධතාවයේ යෙදී සිටින පිරිසගේ විරෝධය හමුවේ පොලිස් කැරළි මර්ධන ඒකකය ඉවත් ගිය බවත් විරෝධතාවක් පොලිසියේ අවසර ලබාගෙන කරන තත්වයක් කිසිඳු රටක නොමැති බවත් විරෝධතාකරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ඒවා කරන්න උපදෙස් දෙන මෝඩයා කවුද? එයා පොලිසියට කෙසේවත් සුදුස්සෙක් නොවෙයි... කැරලි මර්දනය කරන්න මෙතැන කැරැල්ලක් තිබුනේ නැහැ. ජනතා උද්ඝෝෂණය හා කැරැල්ල හඳුනාගැනීමට නොහැකි එවුන් පොලිසියට සුදුසුදැයි සිතා බලන්න ඕනෑ...
එයාගේ මොලේ උඩින් නෙවෙයි, යටින් වැඩියි කියලා බැලූ බැල්මටම පේන්නම තියෙනවානේ. ඒකනේ මිනිස්සු කියන්නේ මහ එකත් හරකා, පිටිපස්සේ යන අයත් හරක් කියලා..
මොනවා කළත් සටන දිනන්න වෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ. කන්න දෙයක් නැහැ. හෙණ ගහන්න ඕනෑ රට විනාශ කරපු අයට..
පොලිසිය දැන් නං හොඳටම කුජීත වෙලා තියෙන්නෙ .