IMG-LOGO

ගාලු කොටුව ’’පොලිෂ්’’ වෙයි

(සුජිත් හේවාජුලිගේ )

ලෝක උරුමයක් වන ගාල්ල කොටුවෙහි ස්ථාන කිහිපයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පුළුල් ආකාරයට   ප්‍රතිසංස්කරණය  කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

ප්‍රතිසංස්කරණ  කටයුතු කෙරුණේ එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි යැයිද  එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ ප්‍රතිසංස්කරණ කටයුතු  සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ  ගාලු උරුමය පදනමේ  සහයෝගය ලැබිණ.

ගාලු කොටුවේ ප්‍රතිසංස්කරණය කෙරුණ ස්ථාන  දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා  පසුගියදා  නිරීක්ෂණය කළේය.

ඔහු එම නිරීක්ෂණ කටයුතු  කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.

යුනෙස්කෝ සංවිධානය  ගාලු කොටුව  ලෝක උරුමයක් ලෙස 1988 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළේය.

ගාලු කොටුව නිර්මාණය කිරීමෙන් අනතුරුව මෙසේ පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කෙරෙන්නේ  වසර 433 කට පසුව බව  අමාත්‍යාංශය පවසයි.

මීට පෙර එක් අවස්ථාවකදී පමණක් සුළු ප්‍රතිසංස්කරණයක් සිදුකෙරුණු බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.



අදහස් (0)

ගාලු කොටුව ’’පොලිෂ්’’ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 146 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site