IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගුරුවරු නැතිව වියළුව පාසලක් වහලා

(නිශාන්ත කුමාර)

බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් අති දුෂ්කර පාසලක් වන මීගහකිවුල බෝගහපතන  විද්‍යාලයේ සේවය සඳහා අද (11) දින එකදු ගුරුවරයකු හෝ නොපැමිණීම හේතුවෙන් අද උදැසන පාසලට පැමිණි   දරුවන්ට හිස් අතින්ම ආපසු නිවෙස් බලා යාමට සිදුවූ බව දරුවන්ගේ මව්පියෝ පැවැසූහ.

පාසලට ඇතුළත් වීමේ ප්‍රධාන ගේට්ටුව වසා දමා ඉබේ යතුරු යොදා තිබෙනු දැකගන්නට ලැබිණි.

පාසල් අසලදී හමුවූ දරුවන්ගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔවුන් පවසා සිටියේ අද දින පාසල නොපැවැත්වෙන්න බැවින් තමුන්ට ආපසු නිවෙස් බලා යෑමට සිදුව ඇති බවකි.

 මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමව්පියන් කියා සිටියේ අද දින පාසලට එකදු ගුරුවරයකු හෝ නොපැමිනෙන බව    දැන ගන්නට ලැබීම නිසා උදැසන පාසල වෙත රැගෙන ආ තම දරුවන් යළිත් නිවෙස් කරා රැගෙන යන බවය.

 මේ සම්බන්ධයෙන් අප  ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක රෝහිත අමරදාස මහතාගෙන් විමසීමට කීප විටක්ම උත්සාහ කළ ද එතුමාගේ දුරකථනය  ක්‍රියා විරහිතව තිබිණි. තවදුරටත් එතුමා සම්බන්ධ කර ගැනීමට ඌව පළාත් අධයාපන දෙපාර්තමේන්තුවට ඇමැතුමක් ලබා ගත්තද අධ්‍යක්ෂකවරයා ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ රැස්වීමකට ගොස් සිටි බව දැනගන්නට ලැබිනි.

  වියළුව කලාපයට අයත් අති දුෂ්කර පාසැලක් වන බෝගහපතන විද්‍යාලයේ සිසු දරු දැරියන් එකොළොස් දෙනෙකු අධ්‍යාපනය ලබන අතර   විදුහල්පතිවරයාද ඇතුළුව    ගුරුවරුන් තිදෙනකු සේවය කරති.

 එහෙත් විදුහල්පතිවරයා මේ වන විට අනතුරකින් තුවාල ලබා   වෙනත් පාසලකට අනුයුක්ත  කර සිටින  අතර එහි සේවය කළ තවත් ගුරුවරියක් ද ප්‍රසූතයට සූදානම් වන බැවින් අද (11) දින සිට  වෙනත් පාසලකට අනුයුක්ත කොට ඇත.

ඉතිරි වූ අනෙත් ගුරුවරයාද අද දින අසනීප නිවාඩුවක් යොදා ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ දෙමව්පියෝ කීහ.

 පාසලේ මුරකරු සිටින බව දැනගන්නට ලැබුණද ඔහුට හමුවීමටද නොහැකි විය.පාසැල ඊයේ (10) දින පැවැති අතර සාමාන්‍ය පරිදි  ගුරුවරු දෙදෙනෙකු සේවය සදහා පැමින සිටියහ.

‘‘ හරිම අමාරුවෙන් ගමට ලැබුනු පාසැල. වැදල කියන්නම් වහන්නනම් එපා‘‘  යැයි පාසැල ඉදිරිපිටට පැමිනි දෙමාපියෝ හා ගුරුවරු පවසන්නට වූහ.



අදහස් (2)

ගුරුවරු නැතිව වියළුව පාසලක් වහලා

අසරණ අපි Tuesday, 11 February 2025 02:34 PM

මේ අවනඩුව අපට කියන්න තියෙන්නෙ ඔබට පමණයි. චාමර මන්ත්‍රීතුමනි ඔබේ අවධානය පිණිසයි !

:       4       1

himal Tuesday, 11 February 2025 03:57 PM

ඉතින් ඔය ලිපිකරු මොකද ගුරුවරු ආවේ නැත්තෙ කියලා හොයාගෙන තියෙනවා, එතකොට අධ්‍යකෂකට කෝල් අරන් වැඩක් නෑනේ. අනික ළමයි 11යි ඉන්නේ කියන්නේ ගමේ අනෙක් ළමයි වෙන ඉස්කෝලවලට යනවා නම් ඒකට හේතු හොයන්න ඕන. එහෙම නැතුව බොරුවට ඉස්කෝල වහලා කියලා වැඩක් නෑ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 845 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2488 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1787 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site